දුර­ක­ථන සමා­ග­ම­කින් රුපි­යල් ලක්ෂ 25ක තෑග්ගක් ලැබී ඇති බව පවසා අව­න්හල් සහා­ය­ක­ය­කු­ගෙන් රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් ඊෂි කෑෂ් මගින් වංචා කළැයි කියන සිද්ධි­ය­කට අදා­ළව වංචා කළ දුර­ක­තන අංකය සම්බ­න්ධ­යෙන් වන සියලු තොර­තුරු බම්බ­ල­පි­ටිය පොලී­සි­යට දෙන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් රජීන්ද්‍රා ජය­සූ­රිය මහ­ත්මිය ඊයේ (27) දුර­ක­ථන සමා­ග­මක ප්‍රධාන කළ­ම­නා­ක­රුට නියෝ­ග­යක් නිකුත් කළාය.

මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බවට සඳ­හන් කර­මින් බම්බ­ලි­පි­ටිය පොලී­සිය අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය නිකුත් කළාය.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් බම්බ­ල­පි­ටිය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ ගිලි­නු­ගේ­වත්ත, සාම්මලේ, නුව­ර­එ­ළිය පදිංචි බම්බ­ල­පි­ටිය ප්‍රදේ­ශයේ අව­හ­න්හ­ලක සහා­ය­ක­ව­ර­යකු වන ස්ටැන්ලස් නිරං­ජන් නිකො­ලොස් නමැත්තා විසිනි.

දීර්ඝ කාල­යක් තිස්සේ තමන් අදාළ ජංගම දුර­ක­තන අංකය භාවිතා කරන අතර, එම හේතුව නිසා එම සමා­ග­මෙන් තමාට රුපි­යල් ලක්ෂ 25ක ත්‍යාග­යක් හිමිව ඇති බවත් එය ලබා ගැනීම සඳහා ලිය­කි­ය­විලි ගාස්තු වශ­යෙන් රුපි­යල් එක්ලක්ෂ හැත්තෑ­ප­න්ද­හ­සක මුද­ලක් දෙන ලෙස ඇම­තු­මක් ලද බවත් පැමි­ණිල්ල සඳ­හන් කළ බව

බම්බ­ල­පි­ටිය පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

අදාළ ජංගම දුර­ක­තන ඇම­තු­මට අනුව එම මුදල අවස්ථා තුන­කදී ඊෂි කෑෂ් ලෙස දුන් බවත් පසුව එම ත්‍යාගය ලබා ගැනී­මට පැමි­ණීම සඳහා දුන් දින­යේදී අදාළ අංකය ක්‍රියා විර­හිත කර ඇති බවත් පැමි­ණිල්ල සඳ­හන් කර තිබූ බව බම්බ­ල­පි­ටිය පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය. 

නිමන්ති රණ­සිංහ