85-dead-in-Nigeria-drone-strike-mistaken-for-military

අඟහරුවාදා  දිනයේ දී නයිජීරියාවේ උතුරු කඩුනා ප්‍රාන්තයේ පුද්ගලයින් 85 දෙනෙකුට  මරැ කැද වූ හමුදා ඩ්‍රෝන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නයිජීරියාවේ ජනාධිපති බොලා ටිනුබු ඉල්ලා සිටියේය.

ඉරිදා රාත්‍රියේ කැරලිකරුවන් සහ කොල්ලකරුවන් ඉලක්ක කරගත් හමුදා ඩ්‍රෝන් ප්‍රහාරය හේතුවෙන් සිවිල් වැසියන් බොහෝ ගනනක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වාර්ථා කළේය.



ප්‍රහාරය අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 85 දෙනෙකු පමණ  මියගොස් ඇති බව කඩුනා ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් අඟහරුවාදා ප්‍රකාශ කළේ , සති අන්තයේ සිදු වූ සිදුවීමෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ පළමු නිල තහවුරු කිරීම ලබා දෙමිනි.

"වයඹදිග කලාප කාර්යාලයට පළාත් පාලන ආයතනවලින් තොරතුරු ලැබී ඇති අතර, මේ වන විට මළ සිරුරු 85 ක් මිහිදන් කර තිබේ. සෝදිසි කිරීම් තවමත් සිදු වෙමින් පවතී,"  යැයි ඒජන්සිය පැවසීය.

ඩුබායි හි පැවැත්වෙන Cop28 දේශගුණ සමුළුවට සහභාගී වන ජනපති ටිනුබු විසින්, Tundun Biri හී ගම්මානයක සිදුවූ මෙම "බෝම්බ ප්‍රහාරය" "ඉතා අවාසනාවන්ත, සහ වේදනාකාරී" දෙයක් වන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"ජනාධිපතිවරයා සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මක හා පූර්ණ පරීක්ෂණයක් මෙහෙයවන අතර , බලධාරීන් අනතුර සම්බන්ධව කටයුතු කරමින් සිටින බැවින් සන්සුන්ව සිටින ලෙස,

ජනාධිපති ප්‍රකාශක Ajuri Ngelale විසින්  ජනතාවගෙනි ඉල්ලා සිටියි."

සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියානු හමුදාව තවමත් අදහස් දක්වා නොමැති නමුත් , ඉරිදා ප්‍රහාරයට හේතු වූ මෙහෙයුමට තමා සම්බන්ධ නොවූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් බටහිර නොවන රටවල සහාය ලබන, ඊසානදිග ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහි දිගු යුද්ධයක නිරත වී සිටින නයිජීරියාවේ මිලිටරිය විසින්  වසර ගණනාවක් තිස්සේ රටේ අනෙකුත් ප්‍රදේශවලටද මාරාන්තික ගුවන් ප්‍රහාර සිදු කර තිබේ.

කඩුනා පිහිටා ඇත්තේ අබුජා සිට කිලෝමීටර් 163ක් පමණ (සැතපුම් 101) දුරකිනි.

ඊසානදිග යුද කලාපයෙන් ඔබ්බට ඇති කඩුනා ප්‍රාන්තය ඇතුළුව, නයිජීරියාවේ වයඹ සහ මධ්‍යම කලාපයේ ගම්මානවලට සන්නද්ධ අපරාධ කල්ලි විසින් එල්ල කරන ලද වෙඩි තැබීම් සහ සමූහ පැහැරගැනීම් සදහා  මුහුණ දීමට හමුදාව සහ ගුවන් හමුදාව කැඳවා ඇත.