සඳුදා දිනයේදී අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇත. සති කිහිපයක භූ කම්පන ක්‍රියාකාරකම් වලින් පසු රාත්‍රී අහස ආලෝකමත් කරමින් ලාවා සහ දුමාරයේ දර්ශනීය පිපිරීමක් මෙහිදී ඇති වූ අතර එම හේතුවෙන් එහි අසල නගරයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
භූමිකම්පාවකින් පසුව, අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Reykjanes අර්ධද්වීපයේ මෙම පිපිරීම රාත්‍රී 10 ට පමණ ආරම්භ වූ බවය.
කාර්යාලය වාර්තා කළේ, ග්රින්ඩවික් නගරයේ සිට කිලෝමීටර් 3ක් (සැතපුම් 2ක් පමණ) උතුරින් හගාෆෙල් නගරයට ආසන්නව මෙය පුපුරා ගිය බවයි.
අයිස්ලන්තයේ වෙරළාරක්ෂක බළකාය ෆේස්බුක් හි වීඩියෝවක් පළ කර ඇති අතර, එහි එක් හෙලිකොප්ටරයක් එම ස්ථානයේ ඇති අතර, භූමියේ ඇති ඉරිතැලීමෙන් දිදුලන ලාවා දිගු රේඛාවක් මත සැරිසරන අයුරු සටහන්ව ඇත
අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් අයිස්ලන්ත රජය පැවසුවේ විවරය කිලෝමීටර 4 කට ආසන්න දිගකින් යුක්ත බවයි
එය 2021 වසරෙන් පසු එම ප්‍රදේශයේ සිදු වූ සිව්වැනි පිපිරුම වන අතර මෙතෙක් සිදු වූ විශාලතම පිපිරුම බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මහජන විකාශක RÚV වාර්තා කලේ Grindavik සහ ඒ අවට ජනාවාස වල සිටින පුද්ගලයින්ට ඉන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි
ඒ අනුව ලාවා ගලායන මාර්ගයේ අවදානමට ලක් වූ 3,000 කට වැඩි පිරිසක් සිටින නගරය මුළුමනින් ඉවත් කර ඇත
සංචාරකයින් සඳහා ජනප්‍රිය ස්ථානයක් වන එහි සිට කිලෝමීටර 7 ක් පමණ දුරින් සුප්‍රසිද්ධ Blue Lagoon භූතාප ස්පා පිහිටා ඇත.
මෙම පිපිරීම ජීවිතයට තර්ජනයක් නොවන බව අයිස්ලන්ත රජය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
එම ප්‍රදේශය සියලුම රථවාහන සඳහා වසා දමා ඇති අතර, ප්‍රදේශයට ළඟා නොවන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇත.
මෙම පිපිරීම ජනාකීර්ණ ප්‍රදේශවලට හෝ යටිතල පහසුකම්වලට බලපානු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
නමුත් එය "සැලකිය යුතු" විෂ වායු නිකුත් කරන බව අයිස්ලන්ත සංචාරක මණ්ඩලය අඟහරුවාදා ප්‍රකාශ කර ඇත.
අයිස්ලන්තයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සඳහා දැනට බාධාවක් නොමැති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් කොරිඩෝ විවෘතව පවතින බව රජය පවසා ඇත
මෙම පිපිරීම විදාරණ පිපිරීමක් ලෙස වර්ගීකරණය කර ඇත.
0 Comments