Elanchelian-to-the-post-of-President-of-High-Court-Judges-Association

 ශ්‍රී ලංකාවේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ධුරයට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්  මෙවර නිතරගයෙන් පත් වී තිබේ.   ඒ 2024 වසර සදහා එම සංගමයට නව නිලධාරී මඩුල්ලක් තෝරා පත් කර ගැනීම පිණිස නිලවරණය කොළඹදී පැවති අවස්ථාවේදීය.

2022 වසරේදී පළමු වරට ඉලන්චෙලියන් විනිසුරුවරයා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ධූරයට ඡන්දයකින් පත් වූ අතර මෙවර ඔහු නිතරගයෙන්ම පත් වී තිබේ.

මේ දක්වාම දෙමළ ජාතික  මහාධිකරණ විනිසුරුවරයෙකු  වශයෙන් මෙම තනතුරට පත්ව ඇති එකම පුද්ගලයා ඉලන්චෙලියන් විනිසුරුවරයා පමණකි.

ඔහු යාපනය ත්‍රීකුණාමලය යන  දිස්ත්‍රික්කකවල මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් දීර්ග කලයක් සේවය කොට ඇති අතර දැනට ඔහු වවුනියාවේ මහාධිකරණ  විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලබයි.




ඔහුගේ සේවා කාලය තුළ ඉතා වැදගත් නඩු තීන්දු කීපයක් ලබාදීමත් ඔහුගේ  ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයාව වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව සැරයන්වරයාගේ පවුලට මෙම විනිසුරුවරයා සලකන ආකාරයත් නිසා දකුණේ සිංහල ජන සමාජය තුළ ඉලන්චෙලියන් විනිසුරුවරයා ඉතා ගෞරවණීය  පුද්ගලයෙකු බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ