Inmate-who-spent-48-years-in-US-prison-acquitted-of-uncommitted-murder

 නොකළ වරදක් නිසා  දීර්ඝතම සිරදඩුවමකට යටත්ව සිටි එක්සත් ජනපද රැඳවියකු වසර 48 කට පසු නිදොස් කොට නිදහස් කිරීමේ සිදුවීමක් සමග ඇමරිකානු මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නකාරී අදහස් ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට පටන්ගෙන තිබේ.

1974 වසරේදී ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්‍රදේශයක මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමකදී කැරොලින් සූ රොජර්ස් නම් පුද්ගලයකු ඝාතනයට ලක්ව තිබූ අතර ඝාතනය සම්බන්ධයෙන් Glynn Simmons  මහතාට වසර 48කුත් මාසයක් සහ දින 18ක සිරදඩුවමක් හිමි විය. 70 හැවිරිදි ඔහුට අසාධාරණ ලෙස දිගු කලක් සිරගතව සිටින්නට සිදුවූයේ අදාළ නඩු විභාගය ඒ කාලයේම අවසන් කර තිබූ බැවිනි.



1975 වසරේ දී ඔහු සහ සම විත්තිකරුවෙකු වන ඩොන් රොබට්ස් යන අය වරදකරුවන් බවට තීන්දු කොට මරණ දණ්ඩනයට නියම කරන විට, Simmons  මහතාට වයස අවුරුදු 22 ක් විය. මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා, පැනවූ මරණීය දඬුවම පසුව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමක් බවට පත් කරන ලදී.
නමුත් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිඥයෙක් ඔහු වෙනුවෙන් වැඩ කළ අතර සාක්ෂිකරුවෙකු වෙනත් සැකකරුවන් හඳුනාගෙන තිබීම  සහ  සියලුම සාක්ෂි විත්තියේ නීතීඥයින් වෙත පැමිණිලිකරුවන් විසින් යොමු කර නොමැති බව සොයා ගැනීමෙන් පසු,  දිස්ත්‍රික් උසාවියක් 2023 ජූලි මාසයේදී Simmons  මහතාගේ දඬුවම ඉවත් කළේය.
ජාතික නිදහස් කිරීමේ ලේඛනයට අනුව එක්සත් ජනපදය තුළ නිදහස් කළ දීර්ඝතම කලක් සිරගතව සිටි සිරකරුවා බවට Simmons පත් වූයේය.



මෙම තීරණයෙන් පසු Simmons  මහතා වාර්තාකරුවන්ට පැවසුවේ ,  ඝාතන සිද්ධිය වන විට තමා සිටියේ තම උපන් ප්‍රාන්තය වන ලුසියානා හි බවත් සිද්ධියට කිසිම සම්බන්ධයක් තමාට නොතිබූ බවත්ය. කෙසේ වෙතත් වැරදි ආකාරයට නීතිය ක්‍රියාත්මකවීම නිසා  තමාට ලැබුණ දඩුවම ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පිළිබඳ පාඩමක් බවට තමා පත් කරගත් බවයි.