Operations-to-find-180-Ragama-medical-students-who-went-on-Hantana-trips

8am Sunday
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත. සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම පිරිස අතර සිට ඇත.පැය 06ක මෙහෙයුමකින් පසු මෙම පිරිස බේරා ගැනීමට පොලිසිය සහ යුද හමුදාව සමත් විය.
11pm Saturday
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් හන්තාන කඳු මුදුනෙහි සංචාරයකට ගිය වෛද්‍ය සිසුන් කන්ඩායමක් සිරවී සිටින බව පොලිසිය පවසයි.


රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180දෙනෙකු හන්තාන කඳු මුදුනෙහි සිරවී සිටින බවත් කාලගුණය අයහපත් නිසා ඔවුන්ට ඒමට නොහැකිවී පණිවිඩ නිකුත්කරන අතරම පවතින තත්වය නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් ගලවාගැනීම් කන්ඩායමටද පවතින බවයි.
 සිසුන් පිරිස මුදා ගැනීම සඳහා  යුද හමුදාව සහ පොලීසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාලයක වෛද්‍ය සිසුන් 180 අතර පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටින බවට සඳහන්ය. පොලිසිය සහ යුද හමුදාව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් සෙනසුරාදා රාත්‍රී 11 වනවිටත් කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව ඇත.