Osprey-air-accident

බදාදා සිදුවූ මාරාන්තික අනතුරෙන් පසුව සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව සිදුවෙමින් පවතින පසුබිමක, Osprey දෙමුහුන් ගුවන් යානා පියාසර කිරීම නවත්වන ලෙස ජපානය ,එක්සත් ජනපද හමුදාවෙන් ඉල්ලා තිබේ.

ගුවන් යානවල ආරක්ෂිත බව තහවුරු කරන තෙක්, යම් විරාමයක් ගත යුතු බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.



යකුෂිමා දූපත ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබෙන අතර,  තවත් හය දෙනෙකු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

2007 දී මුලින්ම හඳුන්වා දුන් මෙම Ospreys යානාවන්ගේ මාරාන්තික කඩා වැටීම් ගණනාවක සලකුණු ඉතිහාසය තුළ දක්නට ඇත.

ජපානය විසින් හෙලිකොප්ටරයක් සහ ටර්බෝප්‍රොප් ගුවන් යානයක් ලෙස ක්‍රියා කරන Ospreys ගුවන් යානා පියාසරය තාවකාලිකව නවතා ඇත.

බදාදා කඩා වැටුණු ගුවන් යානය බටහිර යමගුචි ප්‍රාන්තයේ ඉවාකුනි කඳවුරේ සිට රටේ නිරිතදිග ඔකිනාවා ප්‍රදේශයේ කඩේනා කඳවුර දක්වා ගමන් කරමින් තිබූ බව වාර්ථා වෙයි.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, බදාදා දහවල් 14:40  ට පමණ යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වූ බවයි.



යානයේ පුද්ගලයින් අට දෙනෙකු සිටි බව මීට පෙර වාර්තා වූ නමුත් පසුව ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් එම සංඛ්‍යාව 7 දක්වා සංශෝධනය කරන ලදී.

Osprey යානය  සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් අතරතුර "අනතුරකට" මුහුණ දී ඇති බව, එක්සත් ජනපද ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර, අනතුරට හේතුව තවමත් නොදන්නා බවද පැවසීය.

යකුෂිමා ඔබ්බෙන් වූ කලාපයේ දී සොයා ගන්නා ලද යානයේ සුන්බුන් යැයි සැලකෙන කොටස් හී ඡායාරූප පළ කර ඇත.

එක්සත් ජනපද භටයින් 50,000 කට වඩා ජපානය පුරා ස්ථානගත කර ඇත.

මේ වසරේ අගෝස්තු මාසයේදී උතුරු ඕස්ට්‍රේලියාවේදී Osprey යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපද නාවිකයින් තිදෙනෙකු මිය ගියේය. 2017 දී ද මෙවැනිම සිදුවීමක් ඔස්ට්‍රේලියාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ දී සිදු වී ඇති අතර , යනය ගොඩබෑමට උත්සාහ කිරීමේදී සිදු වූ මෙම  Osprey යානයේ කඩා වැටීම නිසා  නාවිකයින් තිදෙනෙකු මිය ගියේය.