Perry-death-an-accident-caused-by-ketamine-coroner

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් හී නිවසේදී නාන තටාකයක ගිලී අබිරහස් ලෙස මියගොස් තිබූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී එලෙස මියගියේ කවර හේතුවක් නිසාද යන්න ගැන විවිධ මත පළ විය.
Friends නමැති ජනප්‍රිය ඉංග්‍රීසි මාලා නාටකයෙහි චැන්ඩ්ලර් බිං චරිතය නිසා ඔහු බොහෝ අය හඳුනන නළුවෙකු බවට පත්ව සිටියේය.
ඔහු වේදනා නාශක සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා අයහපත් සෞඛ්‍ය පුරුදුවල නිරතවූවෙකු බවත් , අවස්ථා කිහිපයකදී පුනරුත්ථාපන සායනවලට සහභාගී වූ බවත් වාර්තා වී තිබිණි.
ඔක්තෝබර් මාසයේ මරණය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණ ප්‍රතිඵල පෙන්නුම් කර ඇත්තේ ඔහුගේ මරණය "කෙටමින්“ (Ketamine ) උග්‍ර බලපෑම් නිසා සිදුවූ හදිසි අනතුරක් බව ලොස් ඇන්ජලීස් හි වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.



Ketamine යනු නිර්වින්දක ඖෂධයකි. මෙය ලබාගන්නා රෝගීන්ට ඔවුන්ගේ වේදනාවෙන් සහ පරිසරයෙන් වෙන් වී ඇති බවක් දැනේ.
Ketamine මගින් සන්සුන් සහ සැහැල්ලුවක් දැනීම,  වේදනාවෙන් සහන සහ  සිදුවීම් මතක නැතිවීම් සිදුවන බව වෛද්‍ය වරුන්ගේ අදහසයි. මත්ද්‍රව්‍යයේ බලපෑම අහිතකර වන නිසා මේවා පුද්ගලිකව ලබාගැනීම නීති විරෝධී වන අතර වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවයෙන් පමණක් ලබාදෙන්නකි.

මියගිය මැතිව් පෙරේ ඔක්තෝම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් හී ඇති ඔහුගේ නිවසේ තටාකයේ දී මිය ගොස් සිටියදී සොයා ගත් අතර,  මරණයට හේතුව අවිනිශ්චිත විය. එම නිසා දියේ ගිලී මිය යන්නට ඇතැයි අනුමාන කරන ලදී.‍

ඔක්තෝබර් 28 වන දින ඔහුගේ නිවසේදී සිදු වූ මෙම අනතුරත් සමග පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට කැඳවූ අතර,

එහි දී ඔහු මිය ගොස් සිටින බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා මැතිව්ට ඇතැම් නිර්මාණවල රූගත කිරීම් වසර තුනක සිට කිරීමට නොහැකි වූ බව වාර්තා වී තිබේ.
ප්‍රතිකාර සදහා යොමු වීමෙන් පසුව, ඔහු බොහෝ දුරට සුව අතට හැරුණ බව පුද්ගලික වෛද්‍යවරයා පවසා තිබේ.

"ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ තුළින් රුධිර සාම්පලවල ඇති ඉහළ මට්ටමේ කෙටමින් නම්, මාරාන්තික දුව්‍ය සොයා ගත් බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වෛද්‍ය පරීක්ෂක Raffi Djabourian පැවසීය. කෙටමින් හී බලපෑමත් සමග හටගත්  හෘදයාබාධයක් හේතුවෙන් සිහිසුන් වී ඇති අතර, එය ඔහු දියේ ගිලීමට හේතු වූ බව Raffi වැඩිදුරටත් පැවසීය.