Rukchanok-found-guilty -lese-majesty-jailed-six-years

සමාජ මාධ්‍ය­ජා­ලය ඔස්සේ තායි­ල­න්තයේ රාජ­කීය පෙළ­ප­තට අප­හාස කිරිමේ චෝද­නා­වට වර­ද­කරු වූ එරට පාර්ලි­මේන්තු මන්ත්‍රීනි රුක්ච­නොක් ශ්‍රිනෝක්ට වසර 6ක සිර දඬු­වම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ‘මූව් ෆෝවර්ඩ්‘ පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රි­යක වන 29 හැවි­රිදි ශ්‍රීනෝක් වසර 2020 දී තායි­ලන්ත රජු වන මහා වජි­ර­ලොං­කෝන්ට අයත් සමා­ගම් විසින් නිෂ්පා­ද­නය කරනු ලැබූ කොවිඩ් එන්නත් වර්ග­යක් සම්බ­න්ධව විවේ­ච­නය කර­මින් ට්විටර් (එක්ස්)

සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබූ සට­හ­න­කින් එම අප­හා­සය සිදුවූ බව තහ­වුරු වී තිබේ. එරට රාජ­කීය නීති­යට අනුව වසර තුනක සිර දඬු­ව­මක් සහ පරි­ගණක අප­රාධ පනත යටතේ තවත් වසර 3ක් ඇතු­ළත්ව මේ සිර දඬු­වම පනවා ඇතැයි වාර්තා වේ. ඇය මේ වන විට තායි­ලන්ත භාත් ලක්ෂ තුනක ඇප අයැ­දු­ම්ප­තක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති අතර, ඇගේ ඇප අය­දු­ම්පත ප්‍රති­ක්ෂේප වුව­හොත් පාර්ලි­මේ­න්තු­වෙන් ද නෙරපා දමනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.