Three-killed-in-a-shooting-at-the-University-of-Nevada-USA

ඇමරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ (UNLV) ලාස් වේගාස් මණ්ඩපයේ දී බදාදා උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරකයා සහා පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී  සැකකරු මිය ගොස් ඇති බවත්, තුවාල ලැබූ තවත් එක් අයෙකු ප්‍රාදේශීය රෝහලක අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
UNLV සහ ප්‍රාන්තය පුරා ඇති අනෙකුත් සියලුම දකුණු නෙවාඩා උසස් අධ්‍යාපන ආයතන බදාදා දිනයේ දී වසා තබා තිබේ.

  උදෑසන 11:53 ට පමණ මෙම වෙඩි තැබීම් පිළිබඳ වාර්තා විය. ඉන් මිනිත්තු 20 කට පමණ පසු, විශ්ව විද්‍යාලය පැවසුවේ ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල අසල වෙඩි තැබීම් සැලවූ බවයි.
විශ්වවිද්‍යාලය සිසුන්ට "ආරක්ෂිත ප්‍රදේශයකට ඉවත් වන ලෙස" සහ "RUN-HIDE-FIGHT" ලෙස අනතුරු ඇඟවීය.  
විශ්ව විද්‍යාල පොලිස් ප්‍රධානී ඇඩම් ගාර්ෂියා පැවසුවේ , නිලධාරීන් දෙදෙනෙකු සැකකරුට පහර දී ඝාතනය කිරීමට පෙර ,

වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි.

ලාස් වේගාස් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ෂෙරිෆ් කෙවින් මැක්මාහිල්  මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ප්‍රහාරයට හේතුව තවමත් නොදන්නා බවයි.  ප්‍රහාරයට ගොදුරු වූ  එක් අයෙක් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන අතර, භීතියට පත් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු  රෝහල් ගත කර ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ෂෙරිෆ් ප්‍රකාශ කර ඇත.

විශ්ව විද්‍යාලයේ සිටි එක් සිසුවෙක් පැවසුවේ, ප්‍රහාරය සිදුවනවාත් සමග පොලිසිය විශ්වවිද්‍යාලයට පැමිණි බවයි.

විශ්වවිද්‍යාලය අසළ පිහිටි ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට මාර්ග වසා දමා ඇති බව සදහන් වේ.

ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ UNLV යනු "බිහිසුණු තුවක්කු ප්‍රචණ්ඩ ක්‍රියාවකින් භීතියට පත් වූ නව විද්‍යාල මණ්ඩපය" වන බවත්,  ඔහු සහ ජනාධිපති ආර්යාව වන  ජිල් බිඩෙන් "මියගිය අයගේ පවුල් වෙනුවෙන් යාඥා කරන" බවත්ය.



ලාස් වේගාස් නගරාධිපති කැරොලින් ගුඩ්මන් එය "ඛේදජනක සහ හද කම්පා කරවන පුවතක්" ලෙස හැඳින්වූ අතර,  "විශ්වවිද්‍යාලය තුළ සිටින සියලු දෙනා වෙනුවෙන් යාච්ඤා කරන" බව ඇය පැවසුවාය.

නෙවාඩා හි ආණ්ඩුකාර ජෝ ලොම්බාර්ඩෝ පැවසුවේ , ඔහුගේ කාර්යාල නිලධාරීන් ලාස් වේගාස් පොලිසිය, විශ්ව විද්‍යාලය සහ හදිසි ප්‍රතිචාර දක්වන්නන් සමඟ “නිරන්තරයෙන් සන්නිවේදනය” සිදු කරන බවයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) , මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශය (ATF) යන කණ්ඩායම් විමර්ශනය සඳහා ප්‍රාදේශීය පොලිසියට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

නෙවාඩා විශ්ව විද්‍යාලය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හීදීද වසා තැබීමට පියවර ගෙන තිබේ.