Vin-Diesel-Film-star-accused-of-sexual-battery-by-ex-assistant

එක්සත් ජනපද ප්‍රකට නළු වින් ඩීසල්ගේ හිටපු පුද්ගලික සහකාරවරිය ජොනසන් තමාට නළුවාගෙන්  ලිංගික අතවර සිදුවූ බවට චෝදනා කරමින් නඩු පවරා ඇත. 2010 වසරේ “ෆාස්ට් ෆයිව්“ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර මෙය සිදුවූ බව පැමිණිල්ලේ දැක්වේ.

වින් ඩීසල්ගේ සැබෑ නම මාර්ක් සින්ක්ලෙයාර් වන අතර ඔහු ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්‘ කතා මාලාව නිසා අතිශය ප්‍රකට විය.


නළුවාගේ  නීතීඥයෙකු පැවසුවේ ඔහුගේ සේවාදායකයා "මෙම කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන" බවයි.
නළුවා තමාට ලිංගික ක්‍රියාවක් කරන්නට බිත්තියකට තද කළ බවටත් එම ක්‍රියාවට විරෝධය පා පැය කිහිපයකට පසු ඔහුගේ සමාගම ඇයව සේවයෙන් පහ කළ බවත් පැමිණිලිකාරිය සඳහන් කර ඇත.

බ්‍රහස්පතින්දා ලොස් ඇන්ජලීස් හි ගොනු කරන ලද ජොනසන් මහත්මියගේ නඩුව, ෆාස්ට් ෆයිව් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇට්ලන්ටා හි

ශාන්ත රෙජිස් හෝටලයේ සිදු වූ බවට චෝදනා කරයි.
නළුවාගේ නීතීඥ බ්‍රයන් ෆ්‍රීඩ්මන් බ්‍රහස්පතින්දා CNN වෙත ලිඛිත ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය: “වින් ඩීසල් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ කියන සේවිකාව දින 9 ක සේවයක් කරන ලද කෙනෙක්. අවුරුදු 13 කට වඩා පැරණි සිදුවීමක් ගැන දැන් ප්‍රකාශයක් සපයා ඒ ගැන කියමින් නීතිමය හිමිකම් පෑම විහිලුවක්"