We-are-not-responsible-for-the-Sri-Lankans-who-joined-the-Ukrainian-army-and-went-to-fight-Russia-and-died---Minister-Ali-Sabri

රුසියාව සමඟ ඇති වූ යුද්ධයේදී යුක්රේනයේ දී මිය ගිය ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු පිළිබඳ පසුගිය සතියේ වාර්තා පළවීමෙන් පසු විදේශ අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ රටක් ලෙස ශ්‍රී ලංකාව රුසියාව සමග හෝ යුක්රේනය සමග යුද්ධයේදී පාර්ශ්වයක් ගෙන නැති බවයි. ඒඅනුව ඒ කණ්ඩායම් දෙකේම හමුදාවන්ට සාමාජිකයින් සැපයීමක් රජය මගින් කර නැති බවත් බඳවා ගැනීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත්ය.

රුසියාවට එරෙහිව යුක්රේනය වෙනුවෙන් සටන් කිරීම සඳහා දේශීය නියෝජිතයෙකු කුලී හේවායන් බඳවා ගන්නා බවට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන්ට මීට පෙර ආරංචි ලැබී ඇති බවත්, එසේ වීමට ඉඩ නොදෙන පරිදි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, සටන් සඳහා යුක්රේනයට ඇතුළුවූ රට හැර ගිය කිසිදු අයෙකු සම්බන්ධයෙන් රජයට කිසිදු පාලනයක් කළ නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.
මෙම මියගිය තිදෙනා ඔවුනගේ පුද්ගලික උවමනාවන්ට එම හමුදාවන්ට බැඳී සේවය කර තිබී ඇති අතර
ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ වීම සම්බන්ධයෙන් රුසියාව තවමත් ශ්‍රී ලංකාව සමඟ කිසිදු විරෝධතාවක් පළ කර නැතැයිද ඇමතිවරයා පැවසීය.

යුක්රේනයේ ජාත්‍යන්තර භෞමික ආරක්ෂක බලකායේ පළමු විශේෂ බලකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් සඳුදා රුසියානු හමුදා ප්‍රහාරයකින් මිය ගියහ.
කපිතාන් හේවගේ සහ ඔහුගේ සෙසු ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුමක් අතරතුර යුක්රේනයේ බක්මුට් නගරයේදී මොවුන්  මිය ගිය බව වාර්තා පවසා තිබුණි.



 වසර 12ක කාලයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන් රනිෂ් හේවගේ   සේවය කර ඇති බව සඳහන් වේ.
2022 සැප්තැම්බර් මාසයේදී ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්ව ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වේ.
කපිතාන් රනිෂ් යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ ලියාපදිංචි හමුදා වෘත්තිකයෙකු වේ.
කෙසේවෙතත් රුසියානු ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව කියන අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව තව දුරටත් තොරතුරු වාර්තා වේ.