With-the-presentation-of-actresses-sexual-abuse-in-the-Japanese-film-industry-has-come-to-the-fore

ජපානයේ චිත්‍රපට ක්ෂේත්‍රයේ නිළියන් පිරිසක් අධ්‍යක්ෂවරුන් තමන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා කර සිටිති.
ඔවුන් කියා සිටියේ ජොනී කිටගාවාගේ දශක ගණනාවක් තිස්සේ සිදු වූ ලිංගික අපයෝජනය හෙළිදරව්ව තිබියදීත් ඔවුන්ගේ චෝදනා ගැන කර්මාන්තය පුරා සුළු කොට සලකන බවයි.

එරටේ ප්‍රමුඛතම සංගීත කුසලතා ඒජන්සියක  නිර්මාතෘ වූ  කිටගාවාගේ ලිංගික අපයෝජන ඉතිහාසය ජපානයේ පුළුල් අවධානයක් දිනා ගත්තේය.
 වින්දිතයන්ගෙන් එක් අයෙකු අප්‍රේල් මාසයේදී ටෝකියෝ හි ජපානයේ විදේශ වාර්තාකරුවන්ගේ සමාජයේ (FCCJ) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව කරුණු වැඩිදුර හෙළිදරව් විය.



චිත්‍රපට අධ්‍යක්ෂ Hideo Sakaki විසින් තමාට ලිංගික අතවර කළ බව පවසන නිලියක වන Midori Suiren  මෙන්ම

චිත්‍රපට අධ්‍යක්ෂ Tetsuaki Matsue විසින් තමාට ලිංගික අතවර කළ බව පැවසූ චිත්‍රපට නිෂ්පාදිකාවකද බ්‍රහස්පතින්දා FCCJ හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණ සිටි අය අතර විය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී Suiren ගේ ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වූ  අතර චිත්‍රපට ක්ෂේත්‍රයේ ලිංගික හිරිහැර ගැන කතා කළ නමුත් ප්‍රධාන දේශීය මාධ්‍ය එය වාර්තා කරේ නැත.



Suiren වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ කොච්චර කෑගැහුවත්, මේක පෞද්ගලික කාරණයක් හැටියට සුළුකොට සැලකුවා යනුවෙනුයි.

එසේම විනෝදාස්වාද දැවැන්තයෙකු වන Johnny's & Associates හි දශක ගණනාවක් තිස්සේ බාලවයස්කරුවන් ලිංගික අපයෝජනයට ලක් කළ බවටද චෝදනා එල්ලවී තිබේ.

2022 මාර්තු මාසයේදී මෙම කාරණය  පිළිබඳ වාර්තා චිත්‍රපටයක් බීබීසී විකාශය කරන තෙක් සියල්ලම නිහඩ පිළිවෙතක් අනුගමනය කර තිබිණ.