akuressa-incident

මල්ලි විසින් අයි­යාට පොල්ල­කින් ගසා ඝාත­නය කර මෘත ශරී­රය පුලු­ස්සන ලදැයි සැක කෙරෙන 65 හැවි­රිදි මියගිය අයෙකුගේ 55 හැවිරිදි මල්ලිව ඊයේ (01) අකු­රැස්ස පොලි­සිය විසින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙලෙස මිය­ගොස් ඇත්තේ, අකු­රැස්ස, හේනේ­ගම, බල­පාත, උඩු­ග­ම­වත්ත හේන පදිං­චිව සිටි 65 හැවි­රිදි මන­ම්පේ­රිගේ කරු­ණා­දාස නමැති අයෙකි.

මිය­ගිය අයියා සහ පහ­ර­දුන් මල්ලිගේ නිවෙස් දෙකම පිහිටා ඇත්තේ එකම ඉඩ­මක වන අතර මිය­ගිය අයියා අඹු දරු­වන් සමඟ පදිං­චිව සිටින්නේ දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය ප්‍රදේ­ශ­යේය. කුරුඳු තැළීම රැකි­යාව ලෙස කර­ගෙන යන ඔහු මස­කට වරක් ගමේ නිවෙ­සට පැමිණ කුරුඳු තළා මුදල් රැගෙන යළි දෙහි­අ­ත්ත­ක­ණ්ඩි­යට යාම සිරි­තක් ලෙස පව­ත්වා­ගෙන ගොස් තිබේ.



ඉකුත් ඔක්තෝ­බර් මස 28 වැනිදා නිවෙ­සට පැමි­ණෙන බව පවසා සිටි­යත් ඔහු අතු­රු­දන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව පොලි­සිය විසින් කරන ලද විම­ර්ශ­න­යේදී සැක­ක­රු­ගෙන් පොලි­සිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු රාශි­යක් අනා­ව­ර­ණය කර ගැනී­මට පොලි­සිය සමත් වී තිබේ.

ඒ අනුව ඊයේ (01) මර­ණ­ක­රුගේ මල්ලිව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කරන ලදුව, පසු­ගිය ඔක්තෝ­බර් 27 වැනිදා රාත්‍රී සැක­කරු දඩ­යමේ ගොස් ඇතත් දඩ­යම අසා­ර්ථක වූ බැවින් 28 වැනිදා උදේ 4.00ට පමණ නිවෙ­සට පැමි­ණෙන විට යමෙකු දල්වන ලද විදුලි පන්ද­මක් තම මුහු­ණට එල්ල­වුණ බැවින් සොයා බැලූ විට අයියා විසින් විදුලි පන්දම රැගෙන ඉදි­රි­යට පැමිණ ඇති අතර,

ළිඳ ළඟදී අයි­යාට පොල්ල­කින් පහ­රදී ඝාත­නය කර දින 03ක් මුළුල්ලේ පෙට්‍රල් දමා මෘත ශරී­රය පුලුස්සා ඉතිරි සුන්බුන් අසල දොළට දමන ලද බව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. වැඩි­දුර ප්‍රශ්න කිරීම් හමු­වේ‍ ­සැ­ක­ක­රුගේ බිරිය මෙයට වසර දෙක­කට පෙර දියේ ගිලී මිය­ගොස් ඇතැ­යිද ඊට පෙර මිය­ගිය අයි­යාත් තම බිරි­යත් අතර අනි­යම් සම්බ­න්ධ­යක් තිබූ බැවින් තමන් ඔහු සමඟ වෛර­ය­කින් පසු වූ බව අනා­ව­ර­ණය වී තිබේ.

පොලිස් නිල­ධා­රීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත කරුණු සියල්ල අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වී තිබේ. මාතර අප­රාධ පරී­ක්ෂ­ණා­ගාර (soco) නිල­ධා­රීන් පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට සහාය වන අතර මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ.

සැක­කරු මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත. ඉදිරි පරී­ක්ෂණ කට­යුතු කර­ගෙන යන අතර මෘත ශරී­රය පුලුස්සා දමන ලදැයි සැක කෙරෙන ස්ථානය පොලි­සිය විසින් සොයා­ගෙන තිබේ. 
(විජිත සල්ගාදු)