මානුෂීය කලාපයක් බව පවසන ගාසා තීරයේ ඇති Al-Mawasi කලාපය,  මානුෂීය නොවන බව  එහි ජීවත් වන්නන් පවසති

ඊශ්‍රායලය ගාසා තීරය හරහා සිය මිලිටරි ප්‍රහාරය එල්ල කරන විට, ගාසා හී දිවි ගෙවන මිලියන දෙකක පමණ සිවිල් වැසියන්ට  Al-Mawasi නම්  "මානුෂීය කලාපයකට" මාරු වන ලෙස හමුදාව නැවත නැවතත් උපදෙස් දී ඇත.

Al-Mawasi යනු මධ්‍යධරණී මුහුදේ පටු බිම් තීරුවකි. එහි ගොඩනැගිලි කිහිපයක් ඇති අතර ,බොහෝ දුරට වැලි කඳු සහ කෘෂිකාර්මික ඉඩම් වලින් සමන්විත වේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ආරක්ෂිත ලෙස නම් කර ඇති මෙම කලාපයට අයත් වන්නේ,  වර්ග කිලෝමීටර් 8.5 ක් (වර්ග සැතපුම් 3.3) පමණි.

Reem Abd Rabu නම් කාන්තාව පසුගිය සති කිහිපය තුළ ,  ප්‍රදේශයේ සිටින තවත් පවුල් හතරක් සමඟ එක් කූඩාරමක් බෙදාගෙන ඇත. Reem යනු  ඔක්තෝබර් 7 වැනිදා සිට ආරම්භ වූ ඊශ්‍රායල - හමාස් යුද්ධය නිසා අවතැන් වූ පලස්තීනුවන් මිලියන 1.8 න් කෙනෙකි.

උතුරු ගාසා තීරයෙන් පලා යාමෙන් පසු ඇය මුලින්ම ඛාන් යුනිස් වෙත ගමන් කළ නමුත් ,  ඒ ආශ්‍රිත කලාපයද බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ නිසා, ඊශ්‍රායල හමුදාව ආරක්ෂිත යැයි පැවසූ ස්ථානයට යා යුතු යැයි තමාට හැඟුණු බව ඇය පැවසුවාය. Reem පැවසුවේ Al-Mawasi යනු අතහැර දැමූ ස්ථානයක් මිස මිනිසුන් සඳහා ස්ථානයක් නොවන බවයි.



දරුණු බෝම්බ ප්‍රහාරවලින් සහ සටන්වලින් ආරක්ෂා වීමට එම ප්‍රෙද්ශය උපකාරී වනු ඇතැයි ඇය සිතුවාය. නමුත් එහි ගිය විට , මූලික සේවාවන් කිසිවක්ම ඇයට හමු නොවීය. "ජලය එන්නේ එක දවසයි. ඊට පස්සෙ දවස් 10ක් විතර අපට ජලය ලැබෙන්නේ නෑ. නානකාමරවලට පවා ජලය ලැබෙන්නේ ඒ විදිහට. ඒ වගේම විදුලිය ලබා දීමේදීත් යොදා ගෙන තියෙන්නේ ඒ සිද්ධාන්තයමයි.  "  යනවෙන් ඇය පැවසුවාය.

IDF විසින් සමාජ මාධ්‍ය හරහා ගාසාහී වැසියන්ට ප්‍රකාශ කර ඇත්තේ , ජීවිත ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන් Al-Mawasi වෙත සංක්‍රමණය වන ලෙසටයි. IDF විසින් එම කලාපය මානුෂීය කලාපයක් ලෙස හදුන්වා දී තිබුණි.

මෙම මානුෂීය කලාපය පිළිබඳ පළමු සඳහන ඔවුන් ඉදිරිපත් කළේ ඔක්තෝබර් 18 වන දිනය.   IDF හි අරාබි ප්‍රකාශකවරයෙකු   X හි පළ කළලිපියක් මගින් පවසා තිබුණේ,  "IDF විසින් ගාසා වැසියන්ට Al-Mawasi නම් මානුෂීය කලාපයට යන ලෙස නියෝග කරයි." යනුවෙනි.

ඔක්තෝබර් 21 දින පළ කරන ලද තවත් ලිපියක සදහන් වූයේ ,  "ඔබේ ජීවිතය සහ ඔබ ආදරය කරන අයගේ ජීවිත ඔබට වැදගත් නම්, Gaza හි දකුණට යන්න. අපගේ උපදෙස් අනුව Al-Mawasi හි මානුෂීය ප්රදේශයට පැමිණෙන ලෙස අපි ඔබට උපදෙස් දෙමු." යනුවෙනි.

ජනයාට ගාසා තීරයේ ඇති වෙනත් ආරක්ෂිත ප්‍රදේශ සොයා ගැනීම දුෂ්කර වී ඇත්තේ , අන්තර්ජාල සම්බන්ධතාවය අවහිර වී තිබීම හේතුකොටගෙනය.  කෙසේ වෙතත්, Al-Mawasi පිළිබදව IDF ලබා දුන් උපදෙස් පවා කිහිප වතාවක්ම වෙනස් වී ඇත. සාමාන්‍ය වැසියන් පවසන්නේ විටින් විට වෙනස් වන පණිවිඩ හේතුවෙන්,  ආරක්ෂාව පිණිස යා යුත්තේ  කොතැනටද යන්න පිළිබදව නිවැරදිව දැන ගැනීම දුෂ්කර වී ඇති බවයි.

IDF විසින් Al-Mawasi හි ඇති  ආරක්ෂක ප්‍රෙද්ශයන් සිතියමක සලකුණු කරන අතර, ගාසා ජනයා එම සලකුණු කර ඇති කලාපයට සංක්‍රමණය විය යුතුය. නමුත් එම සලකුණු කිරීම විටින් විට වෙනස් වීම නිසා ජනතාව පීඩාවට පත් වී සිටියි. ඒ අනුව ඊශ්‍රායලය විසින් මේ වන විට , Al-Mawasi හි විවිධ ප්‍රදේශ  විවිධ දින වලදී "මානුෂීය කලාප" ලෙස නම් කර ඇත.



Al-Mawasi වෙත පලා ගොස් ඇති මොනා අල්-ඇස්ටල් පවසන්නේ,  ෂෙල් වෙඩි හඬවත් හේතුවෙන් තමා මුළු රාත්‍රියම අවදියෙන් සිටින බවයි. වෛද්‍යවරියක් වන මොනා ජීවත් වී ඇත්තේ ගාසා හී ඛාන් යුනිස් ප්‍රෙද්ශයේය. එහෙත් අසල්වැසි නිවාස වලට බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසු ,තමාට ඛාන් යුනිස් හැර යාමට සිදු වූ බව ඇය පැවසුවාය.

IDF විසින් නම් කර ඇති මානුෂීය කලාපය තුළ ඇති ජලය, විදුලිය සහ සැපයුම් හිඟයක් පිළිබදවද මොනා විස්තර කරයි. එම කලාපයට ගිය විට ඩොලර් 300කට (පවුම් 238) කූඩාරමක් සහ අනෙකුත් සැපයුම් මිලදී ගැනීමට තමාට බලකෙරුණු බව ඇය පැවසුවාය.

එම කලාපයේ සිටින ජනයාට කෑමට දෙයක් නොමැතිව කුසගින්නේ සිටින බවත්,  එම නිසා ඔවුන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ගබඩාවකට කඩා වදින ආකාරය තමා දුටු බවත් මෝනා පැවසුවාය. මේ වන විට එම කලාපයේ තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර,  උකුණන්, පැපොල රෝග සහ බඩවැල් ආසාදන ඇතුළු රෝග, ළමුන් අතර බහුලව පැතිරී ඇති බව ඇය පවසයි. ගෙවී යන සෑම දිනකම අපට මෙහි ඇති අනතුර වැඩි වේ,” යැයි මෝනා තවදුරටත් පැවසුවාය.

මොහොමඩ් ගානෙම් නම් පුද්ගලයා උතුරු ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල අසල ප්‍රදේශයකින් පලා ගිය අතර,  ඔහුගේ නිවස අසල ප්‍රහාර 25 කට වැඩි ප්‍රමාණයක් සිදු වූ බව ඔහු පැවසීය. ඔහු Al-Mawasi වෙත පැමිණියේ "ඊශ්‍රායල් හමුදාව එය මානුෂීය කලාපයක් යැයි පැවසූ නිසා නමුත්,   එම ප්‍රදේශය "මානුෂික හෝ ආරක්ෂිත නොවන" බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය විසින් ප්‍රකාශිත මෙම මානුෂීය කලාපයේ සිට මීටර් 500 (අඩි 1,640) ක් ඈතින් වන ප්‍රදේශයකට ප්‍රහාර එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සටන් සහ ගුවන් ප්‍රහාර විශාල ප්‍රදේශයක් පුරා විහිදෙන විට , ගාසා තීරයේ මානුෂීය කලාපවල ශක්‍යතාව පිළිබඳව ජාත්‍යන්තර නියෝජිතායතන තම කණගාටුව පළ කර ඇත . න

ොවැම්බර් මැද භාගයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ , Al-Mawasi සැලැස්ම "ආපදා සඳහා වට්ටෝරුවක්" වන  බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ, මෙතරම් කුඩා යටිතල පහසුකම් හා සේවාවන් සහිත කුඩා ප්‍රදේශයකට බොහෝ මිනිසුන් ඇද ගැනීමට උත්සාහ කිරීම තුළින් පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඇති අවදානම ඉතා ඉහළ ගොස් ඇති බවයි.

"ගාසා තීරයේ තත්වය ව්‍යසනකාරීයි.  කිසිම පුද්ගලයෙක්  හෝ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නැහැ," යනුවෙන්  එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (ඕචා) ප්‍රධානී ඇන්ඩ්‍රියා ඩි ඩොමිනිකෝ පැවසීය.