amaya-adikari-speaks

පසුගිය දිනවල යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ රංගන ශිල්පිණියක හා නිරූපිකාවක වන අමායා අධිකාරී සිය විවාහය හා ජීවත්වීමේ පිළිවෙල ගැන තරමක අසාමාන්‍ය අදහස් දැක්වීමක් කළාය.
අතුල අධිකාරී ගායකයා සමග විවාහවී සිටින නමුත් ඔහුගෙන් වෙන්වී වසර 7 ක් වන බවත් ඔහුගෙන් පසුව හර්ෂ නමැත්තෙකු සමග එකට සිටියත් ඔහුද තමා සමග දැන් සමීප නැති බවත් අමායා මෙම සාකච්ඡාවේදී පවසන්නීය.
එළියට ගොස් තාවකාලික සබඳතාවක් ‘චාර්ජ්‘ කරගෙන තමා එන බවත් එයින් සෑහීමකට පත්වන බවත් ඇය කියන්නීය.
පළමු විවාහයෙන් දරුවෙකු හා දෙවන (ලියාපදිංචි නොකළ) විවාහයෙන් දරු දෙන්නෙකු සිටින අමායා ජීවිකාව ලෙස ‘සම සුදු පැහැ කරන‘ ෆෙයාර්නස් ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වා යන්නීය.
ඇය සාකච්ඡාවේදී පැවසූ පරිදි අතුල සිටින්නේ ඇය වාසය කරන නිවසේ යට තට්ටුවේය.
ආන්දෝලනාත්මක ලෙස ඇය එම සාකච්ඡාවේදී පැවසූ කථාබහේ කොටස් කිහිපයක් මෙසේය.



“අධිකාරි කියන නමින් තමයි ඇත්තටම මං බැබලෙනවානං බැබළෙන්නෙ. මගේ ඇත්ත නම තිවුනනං මාව දන්නෙත් නෑ සමහර වෙලාවට.
ඉතින් ඇත්තටම බලාපොරොත්තු වුණේ නැහැ. මට ඒක ආදර සම්බන්ධයක් මිසක් එයා මගේ සැමියා විදිහට මගේ ජීවිතයට ළං කරගන්නවා කියන එකක්. මගේ ඔළුවේ තිබුණේ නෑ. නමුත් කොහොම හරි ඒ දේවල් වුණා.

 ඊට පස්සේ සෑහෙන දෙනෙක් මට දොස් කිව්වා. නමුත් අද වෙනකම් මං ලේබල් එකේ විදියටම තියාගෙන ඉන්නව ඒ නම.
මං පවුල් කැඩුවෙ නැහැ. ඒ ගොල්ලන් මුල සිටම සෙපරේට් වෙලා හිටියේ. ඉතින් ඕක මට වඩා හොඳට පැහැදිලි කරාවි අතුල අයියගෙන් හරි සමිත ගෙන් හරි ඇහුවොත් .
 අපි හැමවෙලේම ගැහැනියක් විදිහට පිරිමින්ගේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නේ ඒක ලැබෙන්න නැති වුණාම ඒ ගෑනි පීල්ලෙන් පිටට පැන්නට පස්සේ අපෝ බණිනවා. ඒත් පීල්ලෙ රැඳෙන්න ඒ ගෑනි මාර විදියට මහන්සි වෙනවා. ඒක කවුරුත් දකින්නෙ නැහැ.
ඒ පවුල කැඩුනද කියල මම දන්නෑ මොකද මට හමුවෙනකොට අතුල අධිකාරි කියන කෙනා තනි කෙනෙක්.

 දැන් ඔයා ඇවිල්ල මගෙන් කතාකරලා ඇහුවොත් මගේ ඇතුළාන්තය පිළිබඳ මං කියනවා. මොකද මම හංග හංග මේ හිතේ තියාගෙන බොරුවක් එලියට දාන්නෑ. මං කෙලින්ම කියනව මොකද මං කාටත් බය නෑ. මේ සමාජයෙ ජීවත් වෙන්න මං මගේ විදියටයි.
මම ඒකට ඇත්තටම ආඩම්බරයි .. ඉතින් කවුද මට ගොසිප් හදන්නේ කවුද කමෙන්ට් දාන්න කියන්නේ මම ඇත්තටම කියවන්නෙවත් නෑ මොකද කියවල නිකං මගේ ලේ පුච්ච ගන්න අවශ්යතාවයක් නෑ ..කොහෙවත් යන මනුස්සයෙකුට කමෙන්ට් දැම්ම කියල මගේ ඇඟෙන් කෑල්ලක් යන්නෙත් නැහැනෙ.

 දැන් මගේ ජීවිතේ මගේ දරුවෝ තුන්දෙනා බලාගන්න එකයි මගේ මේන් ටාගට් එක.. ඇත්තටම වෙන දෙයක් නැහැ මගේ දරුවෝ තුන්දෙනාටම හොඳ අම්මා කෙනෙක්.. ගේ ඇතුළේ ඉන්න මිනිහත් එක්ක මරාගෙන තිත්ත කුණුහරුප කියාගෙන ගුටි කා ගෙන සිටිමෙන් ඒ ළමයින්ට අපි අපි ගැන තියෙන ප්රතිරූපය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා.
මම දැකලා තියෙනවා.  ගුටිකනවා ළමයි අනේ තාත්තේ ගහන්න එපා කිය කිය මම ඒක දැකල තියෙනව අත්දැකීම් තියෙනවා. නමුත් මම එහෙම නෑ අපි අපි රණ්ඩු වෙන්නේ නෑ ගෙදර ළමයි ඉස්සරහ.මගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙච්ච ඒව මට මතකයි ඒවට මට ලැජ්ජයි.


 රණ්ඩු වෙනවා නම් කුණුහරපයක් කියනවා නම් පොඩි අයට ඒක ගොඩක් දුරට දැනෙනවා.
 මගේ දරුවෝ තුන්දෙනාට මම අම්මා මගෙ ඒ දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා හර්ෂ අනෙත් මගේ දුවගේ තාත්තා අතුල ඒ දෙන්නට
ඇරෙන්ඩ මගේ ජීවිතයේ දරුවන්ට  කිසිම පිරිමියෙක්ට ඇඟිලි ගහන්න බෑ..

 අතුල මට හම්බ වෙච්ච නිවිච්චම මනුස්සයෙක් එයාව අතෑරලා ගොඩක් කල් මොකද අපි දෙන්නා වෙන් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා.
නමුත් අපි තවමත් එකට ජීවත් වෙනවා. එක ගෙදර ජීවත් වෙනවා. මම උඩ තට්ටුවේ ජීවත්වනවා එයා පහළ තට්ටුවේ. මොකද අපි දරුවෝ හින්දා අපි එකට ඉන්නවා . දුව පුදුම ආදරෙයි අතුල එයාගේ ජීවිතේ හීරෝ.
 ඉතින් ඔය කන්ඩ බොන්ඩ පොඩ්ඩක් පල්ලෙහාට ගියාම කුස්සියේ බත් එකක් බෙදාගත්තම හම්බවෙනවා. නමුත් හදවතින් තියෙන බැඳීම එයාට තියෙන රෙස්පෙක්ට් එක එහෙමම තියනවා.
එයා මට දීපු දේවල් එක්ක ඒ බැඳීම යාලු කමට හැරිලා මිසක් මගේ අතකින් වත් අද වෙනකම් වැරදියට වත් අල්ලල නෑ මනුස්සය.
මගේ හස්බන් වෙලා ඉඳලා මගේ මුළු ශරීරයම එයා දැකලා තියනවා. ඒත් දැන් වෙන විදිහකට හැසිරෙන්නෙ.
එයා මගෙත් එක්ක පවුල් කාලා ඔච්චර අවුරුදු ගාණක් මං ඇඳුමක් මාරු කරද්දී වුණත් මං දැන් චේන්ජ් කරනවා කියා දැන ගත්තොත් එයා ටක් ගාලා එළියට යනවා.

හර්ෂ ඇවිල්ල අමුතුම කැරක්ටර් එකක් එයාට හරියට මහන්තත්තකම්.. ගම  නුවර හින්ද වෙන්න ඇති. සමහරවිට  එයාගේ තියෙන අර ලොකු කමත් එක්ක ගැටුම් තියෙනවා නැතුව නෙවෙයි .. තවමත් මගේ කසාද මිනිහා විදිහට ඉන්න අතුල අපි කසාදය කටු ගෑවෙ නැහැ.
 හර්ෂත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති වෙන්න බෑනේ. සබඳතාවේ නැතිවෙනවා නම් අතුලත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවෙනව වගේම නැතිවෙන්න ඕන. එයාගෙන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අයිතිවාසිකම් වැඩි එයාට ඉතින් මගේ චූටි දරුවෝ දෙන්නෙක් කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. නමුත් මට එකට ජීවත් වෙන්න බැරි නම් මගේ මනුස්ස එකට ජීවත් වෙන්නේ නෑ.


එයා මාව ගණන් ගන්නෙ නැත්නම් සතපහකට  ඊට වඩා ලොකුයි නම් එයාට ජීවිතයේ මම මේ දෙන ආදරේ එයාට වැඩක් නැත්නම් මම එයත් එක්ක ඉන්නේ නෑ.
 මං අමාරුවෙන් හම්බ කරලා හරි මම එයාව තෘප්තිමත් කරලා තියෙනවා.
නමුත් හර්ෂ කියන චරිතයේ උපන්දිනයට රෝසමලක් දෙන්න. මතක නැති මනුස්සයෙක්. ඇනිවසරි එකට විෂ් කරන්න මතක නැති මනුස්සයෙක්.

 මට ජීවිතේ  මාර චාන්ස් ගොඩක් දෙන මනුස්සයෙක්. ඕනම කෙනෙක්ට මගේ හතුරෙක් වුණත් මට හතුරු නෑ. ඇත්තටම මම කාටවත් වෛර කරන්නේ නෑ. නමුත් මට එපා වෙන තැන ආවට පස්සේ මාව අල්ලන්න අමාරුයි. ඊට පස්සේ නම් මට අමාරුයි මා හිත ගල්වෙනවා එතැනින් එහාට.
සමාජයේ සමහර අම්මලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුදලට තමන්ගේ ඇඟ විකුණන.
එහෙම විකුණලා තමන්ගේ දරුවෝ ජීවත් කරන ඒ වගේ අම්මලා ගැන අපි කෙළින්ම කිව්වොත් ගණිකාවො
මං අත් දෙක එකතු කරලා වැඳලා ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරනවා. මොකද හේතුව ඒ මිනිස්සු එහෙම දෙයක් හරි කරන්නේ තමන්ගේ දරුවා ජීවත් කරන්න වෙන දෙයක් කරන්න බැරි නිසා. මට වුනොත් මේ වගේ කරදරේ දවසක සල්ලි වලට විකිනෙන්න මං. මගේ දරුවෝ ජීවත් කරගන්න බැරි වුනොත් මමත් ඒක කරනවා.

 මේ සෙක්ස් කියන එකට මම හරිම කම්මැලි මනුස්සයෙක්. ඒක මගේ ඔයා කතා කරන වෙලාවක මගේ හස්බන්ඩ් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් හරි අහන්නකො ඒක ඇවිල්ලා මට ඇත්තටම හරි කරදරයක් මගේ ජීවිතේ මොකද හේතුව ඕක හින්දනේ ගොඩක් ප්රශ්න ඇතිවෙන්නේ නැත්නම් එයා මගේ ළඟට එන වෙලාවට මං අහක බැලුවොත් හෙට ඉඳන් එයා මගෙත් එක්ක තරහයි
එතකොට දැන් අපිත් මිනිස්සුනේ. අපිටත්  අමාරුකම් තියෙනවා. නමුත් පිරිමියාට මූඩ් එක වෙන වෙලාවට ගෑනු හැරෙන්න ඕන මිනිහෙක් පැත්තට කියලානෙ කියන්නෙ. ඒ මූඩ් එකට මට එන්න බැරි තරමට හේතුවෙලා තියෙනවා. මොකද ඇතිවෙලා තියෙන ජීවිතේ මං ඇත්තටම හරි ආසම දරුවෝ තුන්දෙනා බලාගන්න මගේ හොඳට කොන්ද පණ තියෙන මට ඕන වැඩක් කරන්න පුළුවන් මං ඕන දෙයක් කරන්න දක්ෂ කෙනෙක් .

 මට පිරිමින්ගේ කොන්ද ගැටලුවක්. මොකද මට හම්බවෙලා තියෙන ගොඩක් පිරිමි මේ  පිරිමි නෙමෙයි මම තමයි ගෙදර පිරිමියා වෙලා ඉදලා තියෙන්නේ. එතකොට මම තමයි හම්බ කරලා තියෙන්නේ.

මම තමයි ඔක්කොම වියදම් කරලා තියෙන්නේ. මම තමයි ගෙවල් හදලා තියෙන්නෙ. මං තමයි වාහන අරන් තියෙන්නේ එතකොට ඒක පිරිමි කම නෙමෙයි පිරිමිකම ඇඳට විතරක් වැඩක් නැහැ.

පිරිමි කම තියෙනවා නම් ඒ අය ගෙදර පිරිමියා වෙන්න ඕනේ. ඔබ හිටපං ගෙදෙට්ට වෙලා මම වැඩ කරලා ළමයින්ට කන්න බොන්න දෙන්න  තත්වෙට නෑ කියන්නෙ ඉතින් වැඩක් නැහැ නේ.

 මා රුපියලක්වත් ඒගොල්ලන්ගෙන් මේ වනතුරු නම් මට කොහොමත් අතුලනං දැම්මේ බබාගේ වැඩවලට කියලා එයාම ඒකට මං ඉල්ලලා නෑ.  දැන් හර්ෂගෙන් මං අදවෙනකං රුපියලක්වත් අරගෙන නෑ මං ගන්නෙත් නෑ හේතුව මට පද අහන්න බෑ. උඹ මං උඹට කන්ඩ බොන්ඩ දීල තියෙනවා දීලා තියෙනවා කියල අහන්න ඕනෑ නෑ
මට නම් ඇත්තටම පිරිමියෙක් අවශ්ය නෑ. ජීවත් වෙන්න ඔය ආදරේ කරන්න පොඩ්ඩක් ඔය චාජ් කරගන්න තැන්වලට ගිහිං පොඩ්ඩක් කියලා චාජ් කරගෙන ආව නම් ඇත්තටම ඒක හරි නිදහසක්.
 මේ ඔලුවට මේ ගෙදර තියාගෙන ගෙදර ඉඳගෙන ලව් කරගෙන බැඳීම් ඇති කරගෙන ඒවා කැඩුනහම ආයේ ඔලුවෙන් අප්සෙට් ගිහිල්ලා  ප්රශ්නවලින් අපි සම්පූර්ණයෙන් ආපහු පල්ලෙහාට වැටිලා උඩට එනකොට පෙරහැර ගිහිල්ලා ඊට වඩා හොඳයි හිතෙන කෙනෙක් එක්ක  බුදියලා ආවනං ඒකට වඩා සැපයි ඇත්තටම හිතට.සිංගල් මම් කෙනෙක් විදිහට මං ඉන්නෙ හරි කැමැත්තෙන්“