anti-drug-operation-deshbandu

ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


එසේම සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ගත් බව පොලීසිය පැවසීය.


මෙම නව මෙහෙයුම ඇමති ටිරාන් අලස් හා නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැලසුම් කර අරඹන ලද බවට වාර්තා පළ විය.පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 2kg 232g
අයිස් 769g
ගංජා 178kg 916 g
ගංජා පැළ 30,550ක්
ඈෂ් 35kg 89g
මාවා 626g
තූල් මත්ද්‍රව්‍ය 102g
මත්පෙති 3,489ක්