කොළඹ දිස්ත්රික්කයේ මහල් නිවාස හිමිකරුවන්ට ස්ථිර ඔප්පු ලබාදීම සඳහා එක් නිවාස හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් අයකර ගැනීමට සැලසුම් කර තිබෙන බව මහල් නිවාස හිමියෝ සදහන් කරති.මේ නිසා රජය ලබා දී තිබෙන පොරොන්දුවලට අනුව මුදල් අයකර ගැනීමකින් තොරව කඩිනමින් ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ (19දා) බස්නාහිර පළාත් නිවාස සංවර්ධන අධිකාරිය වෙත පෙත්සමක් භාරදීමට කටයුතු කළ බවද
එම පිරිස් පවසති.සංඝරාජ මාවත මහල් නිවාස හිමියන් අදාළ නිවාසවල වසර 40කට වැඩි කාලයක් පදිංචිව සිටින බවත්, මෙම පිරිස් මාසයකට රුපියල් 140ක මුදලක් බැගින් වසර හතළිහක් ගෙවා තිබෙන බවත්, මෙතෙක් එම නිවාසවලට ඔප්පු ලබා දී නොමැති බවත් ඔවුහු සඳහන් කරති.මෙම නිවාස වලට ඔප්පු ලබා දීමට රුපියල් ලක්ෂ 18ක් රජය විසින් ඉල්ලා සිටින බවත්, පසුගිය කාලය පුරාම දේශපාලකයත් විසින් පොරාන්දු ලබා දුන්නේ නිවාස ඔප්පු කිසිදු මුදලක් අය නොකර ලබා දෙන බවට යැයිද ඔවුහු පෙන්වා දෙති.ඔප්පු ලබා දීමට අධික මුදලක් අයකර ගැනීමට යාම නිසා දෙමටගොඩ,
මාලිගාවත්ත, පල්ලිය වත්ත වැනි ප්රදේශවල තිබෙන මහල් නිවාසවල පදිංචිකරුවන් පවා දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත්, කොළඹ ප්රදේශයේ ජනතාවට මහල් නිවාස්වල ජීවත්වීමට සිදුව තිබෙන්නේ තමන් පදිංචි භූමිය රජයේ සංවර්ධන කටයුතු සඳහා ලබා ගැනීමට කටයුතු කිරීම නිසා බවත් මහල් නිවාස හිමියෝ සදහන් කරති.
ඉන්දික හේවාවිතාරණ
0 Comments