baba-wanga-2023-predictions

නැසීගිය බල්ගේරියානු ගුප්ත විද්‍යාඥ වන්ගෙලියා පාන්ඩේවා ගුෂ්ටෙරෝවා, වෙනත් ආකාරයකින් බාබා වංගා ලෙස හඳුන්වනු ලබන අතර, ඇයට බොහෝ අනාවැකි ප්‍රකාශ කිරීමට හැකියාව තිබී  ඇත.

ඒවායින් සමහරක් 1984 දී ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීම, එක්සත් ජනපදයේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස අප්‍රිකානු ඇමරිකානුවෙකු තේරී පත්වීම වැනි දෑ සත්‍ය වී ඇත

අනාවැකි පිළිබඳ ලිඛිත වාර්තාවක් නොමැති බැවින්, ඇයගේ අනාවැකි ප්‍රකාශ කිරීම ඔවුන්ගේ විශ්වාසවන්ත ගෝලයන් භාරගෙන ඇත.

කෙසේ වෙතත්, 2023 දී ඇය කීවා යැයි කියනු ලබන පේන කීම සමහරක් සැබෑවී ඇත

'බෝල්කන් වල නොස්ට්‍රඩමස්' ලෙසද හැඳින්වෙන බාබාට එතරම් ප්‍රබල දර්ශන තිබූ බව බොහොමයක් දෙනා  විශ්වාස කෙරෙන අතර සියයට 85 ක් නිවැරදි යැයි විශ්වාස කෙරේ.

කුඩා කාලයේ ඇති වූ දරුණු  කුණාටුවකදී ඇයගේ පෙනීම අහිමි වීමෙන් පසු ඇය  ඇගේ බලය ලබාගෙන ඇති බව කියනු ලැබේ.



ඒ සිදුවීමෙන් ඇය බල්ගේරියාවේ සිය මව්බිමෙන් ගසාගෙන ගොස් ඇති බවත්, එය ඇගේ දෑස්වලට වැලි වැඩි කිරීමට හේතු වූ බවත් වාර්තා වී ඇත

බබාට අනාවැකි වැරදුන  අවස්ථාද ඇත

දෙමව්පියන්ට ඔවුන්ගේ ශාරීරික ගති ලක්ෂණ තෝරා ගැනීමට (සහ ප්‍රතික්ෂේප කිරීමට) හැකි වන පරිදි රසායනාගාරවල වැඩෙන ඊනියා " ළදරුවන්" මතුවීම පිළිබද බබා අනාවැකි පළ කළ බව කියනු ලැබේ.

2022 දෙසැම්බරයේදී, ජෛව තාක්ෂණවේදියෙකු වන හෂෙම් අල්-ගයිලි විනාඩි 8ක් දිග වීඩියෝවක් නිකුත් කරන ලද අතර එය "වසරකට විද්‍යාගාරවල වැඩුණු ළදරුවන් 30,000ක් දක්වා පිරවිය හැකි රසායනාගාරයක් ඉදිරිපත් කර ඇත

Ectolife ලෙස නම් කර ඇති ව්‍යාපෘතිය තවමත් ආරම්භ වී නැත

නමුත් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් (හෝ ඇත්ත වශයෙන්ම eugenics) කරදරයට පත් වූවන්ට, මෙම පහසුකමෙහි දැනට පවතින උපකල්පිත "Elite Package" පිරිනැමීම ගැන සැලකිලිමත් වීමට හේතුවක් ඇත

එමගින් අනාගත දෙමාපියන්ට ඕනෑම දෙයක් සංස්කරණය කිරීමට ඉඩ සලසනු ඇත

එය එසේ සිදුවනවානම් බාබාගේ අනාවැකිය නිවැරදි නොවේ.



එසේම 2023 දී න්‍යෂ්ටික බලාගාරයේ විශාල පිපිරීමක් සිදු වන බවත්, එය ආසියාව පුරා විෂ වලාකුළු තැන්පත් වනු ඇති බවත් බබා අනාවැකි පළ කළ බව පැවසේ.එයද සාවද්‍ය වේ.

කෙසේනමුත්  නමුත් තව මාසයක් ඉතිරිව තිබියදී, 1986 දී චර්නොබිල්ට සමාන ව්‍යසනයක් සඳහා තවම කාලය තිබේ

දේශගුණික අර්බුදය ගැඹුරු වීමත් සමඟම, "විෂ සහිත වලාකුළු" න්‍යෂ්ටික ප්‍රභේදයේ නොවුනත්  දැනටමත් ආසියාවේ සමහර ප්‍රදේශ ආවරණය කර ඇත

විශේෂයෙන්ම න්‍යෂ්ටික ශීත" ඍතුවකට සමාන යැයි විද්‍යාඥයන් විසින් විස්තර කරන ලද ඝන දුමාරයක් චීනයේ චොංකිං නගරයට ඉහළින් වැසී යනු ඇත

බබා වංග ප්‍රකාශ කල නිවැරදි දේ අතර සූර්ය කුණාටුවක් පෘථිවිය සොලවනු ඇතැයි බාබා විශ්වාස කළ බව කියනු ලැබේ.

මෙම සූර්ය කුණාටු ඇති වන්නේ සූර්යයා මත ඇතිවන කැළඹීම් සූර්ය ගිනිදැල් සහ අධික චුම්භක ප්ලාස්මා විශාල වලාකුළු විමෝචනය කරන විට පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට බාධා කරන විටය.

දෙසැම්බර් 1වන දින  එක්සත් ජනපද අනාවැකිකරුවන් අනතුරුඅගවා තිබුනේ  දැවැන්ත සූර්ය කුණාටුවක් පෘථිවියට පහර දීමට නියමිත බවත්, එය ගුවන්විදුලිය, අන්තර්ජාලය සහ GPS උච්චාවචනයන් ඇති කරන බවත්ය.

ඒ අනුව බබා වංග ප්‍රකාශ කල බොහොමයක් සාවද්‍ය මෙන්ම නිරවද්‍යද වනු ඇත