ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ ප්‍රදේශයේ තරුණයකු 14 වැනිදා රාත්‍රියේ නිදියහනේම මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ විජයසූරිය ගුණවර්ධන මහවඩුගේ හසිත් සඳරුවන් පෙරේරා නැමැති 21 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ මවත් පියාත් ඉකුත් 14 වැනිදා උදෙන්ම එළවළු පලා වැඩබිමට ගොස් ඇති අතර මල්ලි උදේ 7.30 පසුවන විටත් නැගිට නැති හෙයින් කතා කළත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අගුලූ කඩා කාමරයට ඇතුළු වනවිට ඔහු ටෙලිපෝනයට සම්බන්ධ හෑන්ඩ්ස් එකද කනේ ගසාගෙනම නිදා සිටි බව ඔහුගේ සහෝදරයා පොලීසියට දුන් කට උත්තරයේ සඳහන් වේ.
අනතුරුව අසල්වාසීන්ගේ ද උපකාර ඇතිව තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළත් ඒ වනවිටත් මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණකරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
ලලිත් නවරත්න
0 Comments