මෑතකදී චීනය පදනම් කරගත් ව්‍යාජ සහ නොමඟ යවන ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව Meta පවසයි.
එම පරිශීලකයින් ඇමරිකානුවන් ලෙස පෙනී සිටි අතර , ඔවුන් එක්සත් ජනපද දේශපාලනය සහ එක්සත් ජනපද-චීන සබඳතා පිළිබඳ අසත්‍ය අන්තර්ගතයන් පැතිරවීමට උත්සාහ කළහ.

එම ජාලය පළ කළ මාතෘකා අතර ගබ්සාව, සංස්කෘතික යුද ගැටලු සහ යුක්රේනයට ආධාර ලබා දීමද ඇතුළත්  විය.

2024 වසරේ පැවැත්වීමට නියමිත එක්සත් ජනපද මැතිවරණයට පෙර චීනය පදනම් කරගත් එවැනි ජාලවල වැඩි වීමක් දක්නට ලැබේ.



එවැනි ජාලයන් බහුලව ඇති රටවත් දෙකක් ලෙස රුසියාව සහ ඉරානය සිටි අතර, මේ වන විට චීනයද එවැනි ජාල විශාල වශයෙන් පවතින රටක් වී ඇති බව Meta සමාගම පවසයි.

Facebook, Instagram සහ WhatsApp හි මව් සමාගම වන Meta විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද ත්‍රෛමාසික තර්ජන වාර්තාවක මෑත කාලීන ඉවත් කිරීම් පිළිබදව වාර්ථා කර ඇත.

ඉවත් කිරීමට ලක් වූ මෙම චීනය පදනම් කරගත් ජාලය තුළ ගිණුම් 4,700 කට වඩා පැවති අතර, ඔවුන් ලොව පුරා සිටින අනෙකුත් පරිශීලකයින්ගේ පින්තූර සහ නම් භාවිතා කර ඇත.

එම ගිණුම් එකිනෙකාගේ පළ කිරීම් බෙදාගෙන තිබූ අතර,  ඇතැම් අන්තර්ගතයන් X (Twitter ) වෙතින් සෘජුවම ලබා ගත් ඒවා බව පෙනී ගියේය.

හිටපු සභා කථානායක නැන්සි පෙලෝසි, මිචිගන් ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර්, ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්, රෙප්ස් මැට් ගේට්ස් සහ ජිම් ජෝර්ඩන් යන  එක්සත් ජනපද දේශපාලනඥයින් ගේ හා රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් වාචික පෝස්ට් , මෙම ගිණුම්වල පිටපත් කර ඇත.



 "මෙම ප්‍රවේශය සැලසුම් කර ඇත්තේ පක්ෂග්‍රාහී ආතතීන් වැඩි කිරීමට, දේශපාලකයින්ගේ ආධාරකරුවන් අතර ප්‍රේක්ෂකයින් ගොඩනැගීමට හෝ සත්‍ය අන්තර්ගතයන් බෙදා ගන්නා ව්‍යාජ ගිණුම් වඩාත් අව්‍යාජ ලෙස පෙන්වීමට දැයි තවමත් පැහැදිලි නැති බව Meta වාර්ථා කරයි.

සමාගමේ මධ්‍යස්ථ නීති රීති මගින් Meta "සම්බන්ධිත අවිධිමත් හැසිරීම" ලෙස හදුනාගන්නා දේ තහනම් කරනු ලබයි.

බොහෝ විට එවැනි ජාලයන් විසින් බෙදාගන්නා අන්තර්ගතයන් අසත්‍ය නොවන අතර , එම වාර්ථාවන් ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් පවා  වාර්තා කරයි. නමුත් නීත්‍යානුකූල අදහස් දැක්වීමක්  සඳහා භාවිතා කරනු වෙනුවට, ඔවුන්ගේ එම පළ කිරීම්වල අරමුණ වන්නේ ,  මහජන මතය හැසිරවීමට, බෙදීම් ඇති කිරීම  සහ  ජනප්‍රිය වීම බව පෙනේ.

Meta පැවසුවේ මෙම විශාල චීන ජාලය,  සැබෑ පරිශීලකයින් අතරට යාමට පෙර එය නතර කළ බවයි.

සමාගමේ වේදිකාවල අසත්‍ය හැසිරීම් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන බෙන් නිම්මෝ පැවසුවේ,  එවැනි ජාල “තවමත් ප්‍රේක්ෂකයින් ගොඩනැගීමට අරගල කරන අතර ඒවා අනතුරු ඇඟවීමක්”  වන බවයි."



සමාගම පැවසුවේ එවැනි කුඩා ජාල දෙකක් සොයා ගත් බවත්, ඉන් එකක් චීනය පදනම් කරගෙන ඉන්දියාව සහ ටිබෙටය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවත්, අනෙක රුසියාව පදනම් කරගනිමින් යුක්රේනය ආක්‍රමණය සහ ටෙලිග්‍රාම් නාලිකා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පළ කිරීම් සිදු කරන බවත්ය.

2016 මැතිවරනයෙන් පසු අසත්‍ය ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ රුසියානු ජාල විසින් යුක්රේනයේ යුද්ධය කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කර ඇති අතර,  Kyiv සඳහා ජාත්‍යන්තර සහයෝගය අඩපණ කිරීමට ද උත්සාහ කර ඇති බව වාර්තාව පවසයි.