The-traffic-controller-on-site

කොලොම්බියාවේ පෙරෙයිරා හි 29 හැවිරිදි ඩැනියෙලා ගවිරියා යනු  දෙදරු මවකි. ඇය මේ වන විට ‘සරාගීම’ රථවාහන පාලකවරිය යන නාමය ලබාගෙන ඇත. නොහික්මුණු වාහන නැවැත්වීම සඳහා වීදිවල සංචාරය කරමින් දඩකොළ ලබාදීම ඇය සිදු කරන්නීය.

සමහර රථවාහන නියාමකවරුන් රියදුරන් වැරදි මාර්ගයට ඇද දැමීමේ  ප්‍රවණතාවක්ද තිබෙන අතර  නමුත් ඩැනියෙලා ගවිරියාගේ ලක්ෂ තුනකට වැඩි Instagram අනුගාමිකයින් සදහන් කරන්නේ  ඇය  තම රාජකාරිය හොදින් සිදු කරන බවයි.



ඇයගේ රසික රසිකාවියන් පසුගිය වසරේ සිටම අන්තර්ජාලය හරහා  ඇගේ සරාගී රූපරාමු අගය කරමින් තිබුණි.
පසුගිය දිනයක  සුන්දර  ඩැනියෙලා ඇගේ කීර්තිය ප්‍රයෝජනයට ගෙන වැඩිහිටි වෙබ් අඩවියක ඇගේ පින්තූර පළ කිරීමට පටන් ගෙන තිබිණ.
මේ වන විට වයස අවුරුදු නවයේ පුතෙකු සහ හය හැවිරිදි දියණියක සිටින තනිකඩ මව, වැඩිහිටි නිරූපණ ලෝකයේ අවධානයට ලක් වී ඇත.


එසේම මේ වන විට ඇයට සන්නාම හවුල්කාරිත්වයන් රාශියක් තම ප්‍රවර්ධන කටයුතු සදහා සහභාගී වන ලෙස ඇරයුම් කර ඇත.
ඩැනියෙලා කුඩා ඇඳුම්, යට ඇඳුම් සහ බිකිනිවලින් ඇගේ රසිකයින් උන්මාදයට පත්කොට ඇත.
ඇය OnlyFans හි මසකට ඩොලර් 20ක් (£16) අයකරමින් තම රසිකයින් සමඟ සම්බන්ධ වෙයි.
ඇයගේ එක් ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයෙක් කියා සිටියේ ඇගේ සමහර අන්තර්ගතයන් නිසා ඇය මේ වන විටත් කොලොම්බියාවේ ආකර්ශනීයම පුද්ගල ලැයිස්තුවේ සිටින බවයි.
කෙසේනමුත් 2022 ඔක්තෝම්බර් මාසයේදී  ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගයක් වන ස්ක්ලෙරෝසිස් නොහොත් ස්ක්ලෙරෝඩර්මා ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඩැනියෙලාට ඇගේ ජිවන රටාව ගෙනයාම එතරම්  පහසු නොවීය.
ඇය මෙලෙස මුදල් උපයන්න අරභා ඇත්තේ ඒ නිසා බව කියැවේ.