The-wife-killed-the-husband-who-tried-to-search-lakhs-of-times-by-putting-his-daughter's-nude-videos-on-the-internet

සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි.

 කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති  අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.
බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ.



වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.
එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.