ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පෙම්වතිය අපයෝජනය කළැයි කියන එම සිසුවියකගේ සැකකාර පෙම්වතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (07දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගරගත කෙරුණේ, 23 හැවිරිදි සැකකාර පෙම්වතා බදුල්ල, සොරණාතොට පදිංචිකරුවෙකි.



ෆේස්බුක් ඔස්සේ හදුනාගත් පෙම්වතා හමුවූ ප්‍රථම දිනයේදීම ඔහු විසින් අපයෝජනයට ලක්වීම නිසා සිත්තැවුලට පත් පාසල් සිසුවියක පසුගිය 05වැනිදා සියදිවි නසාගෙන ඇතැයි බදුල්ල මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

බදුල්ල ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක මෙසේ සියදිවි හානිකර ගෙන ඇත.

පසුගිය 03වැනිදා උපකාරක පන්තියකට ගිය සිසුවිය ෆේස්බුක් ඔස්සේ හදුනාගත් තම පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් බදුල්ල සරුංගල් කන්දට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී සැකකරු ඇය අපයෝජනයට ලක් කර තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.

අනතුරුව අදාළ සිසුවිය එදින සවස නිවසට පැමිණ ඇගේ මිත්තණිය අධිරුධිර පීඩනයට ගන්නා ඖෂධ වැඩිපුර පානය කිරීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් මත බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (05දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.



ඇය විසින් ඇගේ මවගේ ජංගම දුරකථනයට පණිවිඩයක් යවා ඖෂධ පානය කිරීමෙන් සියදිවි නසා ගෙන තිබේ

.මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේදී පවත්වා ඇය අපයෝජනයට ලක්ව සිටින බවට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය සදහන් කරයි.

 මියගිය සිසුවියගේ අවසන් කටයුතු පෙරේදා (06දා) සිදු කර තිබිණි.

  ලුණුගල - ප්‍රසන්න පත්මසිරි/ බදුල්ල - පාලිත ආරියවංශ