The-United-States-has-accused-that-garlic-imported-from-China-is-a-threat-to-national-security

චීනයෙන් සුදුළුණු ආනයනය කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇති වන බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජනපද සෙනෙට් සභිකයෙක් ඉල්ලා තිබේ.
රිපබ්ලිකන් සෙනෙට් සභිකෙයකු වන  රික් ස්කොට් විසින්, අපිරිසිදු නිෂ්පාදන ක්‍රම උපුටා දක්වමින් චීන සුදුළූණු අනාරක්ෂිත බව පවසා වාණිජ ලේකම් වෙත ලිපියක් යවා ඇත.

නැවුම් සහ ශීත කළ සුදුළූණු අපනයනය කරන රටවල් අතුරින් ලොව විශාලතම අපනයනකරු චීනය වන අතර ,

එක්සත් ජනපදය ඒහි ප්‍රධාන පාරිභෝගිකයෙකි. නමුත් මෙම වෙළඳාම වසර ගණනාවක් තිස්සේ මතභේදයට තුඩුදී ඇත.

චීනය අඩු මිලකට සුදුලූනු වෙළඳපොළට ඒවන බවට එක්සත් ජනපදය චෝදනා කරයි. ඒම නිසාම 1990 ගණන්වල මැද භාගයේ සිටම ,එක්සත් ජනපද නිෂ්පාදකයින් වෙළඳපොලේ  මිළ වැඩි කිරීම සඳහා චීන ආනයන මත අධික තීරුබදු හෝ බදු අය කර ඇත. 2019 වසෙර් ට්‍රම්ප් පරිපාලනය තුළ, මෙම තීරුබදු වැඩි කරන ලදී.

 සෙනෙට් සභික ස්කොට් විසින් ඔහුගේ ලිපියේ, මෙම පවතින තත්වයන් ගැන සඳහන් කරයි. ඔහු "විදේශ රටවල වගා කරන සුදුළූණු වල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ දැඩි මහජන සෞඛ්‍ය ගැටළුන් පවතින බව ප්‍රකාශ කර අැත. ඒහි විශේෂයෙන්ම කොමියුනිස්ට් චීනයේ වගා කරන සුදුළූණු" ඉස්මතු කර දක්වා ඇත.

එක්සත් ජනපදයේ ආරක්ෂාවට නිශ්චිත ආනයනයන්හි අැති බලපෑම පිළිබඳ  නීතියක් යටතේ  පියවර ගන්නා ලෙස ඔහු, වාණිජ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.



 "ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව යනු අපගේ ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට සහ ආර්ථික සමෘද්ධියට බරපතල තර්ජන එල්ල කරන හදිසි අවස්ථාවක් බව පවසමින්  ඔහු තර්ක කරනු ලබයි.

විද්‍යාත්මක කරුණු ප්‍රචලිත කිරීමට සහ පැහැදිලි කිරීමට උත්සාහ කරන ක්විබෙක්හි මැක්ගිල් විශ්ව විද්‍යාලයේ විද්‍යාව සහ සමාජය සඳහා වූ කාර්යාලය පවසන්නේ, චීනයේ සුදුළූණු වගා කිරීම සඳහා පොහොර ලෙස අපද්‍රව්‍ය භාවිතා කරන බවට "සාක්‍ෂියක් තවමත් නොමැති" බවයි.

"ඒ් කෙසේ වෙතත් මෙම සුදුළුණු ආනයනයේ  කිසිම ප්‍රශ්නයක් නෑ"  යනුවෙන් 2017 දී විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක සඳහන් වේ .

"මිනිස් අපද්‍රව්‍ය සහා සත්ත්ව අපද්‍රව්‍ය යනු ඵලදායි පොහොරකි. භෝග වගා කරන කෙත්වල මිනිස් අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතා කරන බවක් නොපෙනේ, නමුත් ඒය සිදු කරනවානම් අප සිතනවාට වඩා එය ආරක්ෂිතයි." යැයි ඒහි වැඩිදුරටත් සදහන් වෙයි.