A-discovery-that-disappears-in-front-of-Saturns-rings

නාසා අභ්‍යවකාශ යානා වන පයනියර් 11,වොයේජර්  ගවේෂණයට අනුව ඉදිරි වසර දෙකකදී පටන් ගෙන ඉන් පසු වසර ලක්ෂ 3 ක්
තුළ සෙනසුරුගේ අලංකාර වළලු පද්ධතිය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වනු ඇති බව සොයාගෙන ඇත.
සූර්යයාගේ සිට හයවන ග්‍රහලෝකය වන සෙනසුරු යනු ස්වභාවික ආශ්චර්යයකි.
එහි දීප්තිමත් වළලු සියවස් ගණනාවක් තිස්සේ අපව මවිතයට පත් කර ඇත.
නාසා අභ්‍යවකාශ යානා වන පයනියර් 11, වොයේජර් ගවේෂණ  සෙනසුරුගේ මෙම  වළලු පිළිබද විශ්මයජනක විස්තරය මනාව  හෙළිදරව් කර ඇත

හබල් සහ JWST වැනි දුරේක්ෂ හරහාද ඒවා  ඡායාරූප ගත කර ඇත.  
කෙසේ වෙතත්, කුඩා දුරේක්ෂයක් හෝ දුරදක්න යුගලයක් ඇති ඕනෑම කෙනෙකුට පැහැදිලි රාත්‍රියක ඒවා දැකිය හැකිය.

මෙහි සමහරක් දර්ශන 2016 දී සෙනසුරු ග්‍රහලෝකය වටා පරිභ්‍රමණය වන විට කැසිනි අභ්‍යවකාශ යානය විසින් ගන්නා ලද ඒවාය.


2017 මැයි මාසයේදී සෙනසුරු උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සූර්යාලෝකයට ළඟා වන විට උත්තර ධ්‍රැවය සම්පූර්ණයෙන්ම දර්ශනය විය.

ඒ අනුව  2025 මාර්තු මාසය  ළං වන විට එය වෙනස් වනු ඇති බවත්  ඉදිරි මාස පහළොව තුළ මැකී යනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
එම දර්ශන වල  පෘථිවිය මෙන්, සෙනසුරු එහි අක්ෂය මත නැඹුරු වී ඇති බවත් එය සෞරග්‍රහ මණ්ඩලය වටා පරිභ්‍රමණය වන විට, එය සෘතු හරහා ගමන් කරන අයුරුත් , එම ගමනේ එක් භාගයක් උතුරු අර්ධගෝලය සූර්යයා දෙසට යොමු වී ඇති බවත්  ඉතිරි කාලය සඳහා දකුණු අර්ධගෝලය සූර්යයා දෙසට යොමුව ඇති බවත් . ග්‍රහලෝකයේ වළලු සෙනසුරුගේ සමකය සමඟ පෙළගැසී ඇති බැවින් ඒවා එකම රටාවක් අනුගමනය කරන බවත් විස්තරාත්මකව අර්ථකථනය  කරනු  ලබයි.

සෙනසුරු ග්‍රහයා මත උතුරු ග්‍රීෂ්ම කාලය 2017 මැයි මාසයේදී නැවත ආරම්භ වී ඇත.
එතැන් සිට වසර කිහිපය තුළ ග්‍රීෂ්ම කාලය  අඩු වී ඇති අතර ඉදිරි මාස පහළොව තුළ එය සමකයට  ළඟා වෙමින් තිබේ.



එය සිදු වූ විට, පෘථිවියේ සිට  බලා සිටින අයට ග්‍රහලෝකයේ වළලු අතුරුදහන් වන 'වළලු හරස් කිරීමේ සිදුවීමක්' අත්විඳින්නට හැකියාව ලැබෙනු ඇත.
නමුත් මෙහි වළලු සම්පූර්ණයෙන්ම අතුරුදහන් නොවනු ඇත.

සිදුවන්නේ සෙනසුරු ග්‍රහයාගේ ධ්‍රැවීය විෂ්කම්භය කිලෝමීටර 108,728 හා සසඳන විට මුදු ඝනකම කිලෝමීටර් 1ක් පමණ වන බැවින් ඒවා අපගේ දෘෂ්ටි කෝණයෙන් නොපෙනී යාමයි.

කෙසේනමුත් සූර්යයා වටා පෘථිවියේ සහ සෙනසුරුගේ සාපේක්ෂ චලිතය හේතුවෙන්, මෙම වළලු හරස් වීමේ  සිදුවීම් කිහිපයක් එකට එක පොකුරු ලෙසින් සිදුවීමට  හැකියාව  ලැබෙනු ඇත.