Australia tightens English test for students to halve immigration

ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ , රටේ "බිඳී ඇති" සංක්‍රමණ පද්ධතිය නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස , සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කරන බවයි. එය 2025 ජුනි වන විට වාර්ෂික පරිභෝජනය 250,000 දක්වා  කප්පාදු කිරීම අරමුණු කරයි.



නව සැලැස්ම යටතේ ජාත්‍යන්තර සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති ද දැඩි වනු ඇත.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ප්‍රමාණය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම නිසා රට තුළ  නිවාස හා යටිතල පහසුකම් පිළිබද දුෂ්කරතා හටගෙන ඇත . නමුත් පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පැවතීම හේතුවෙන්, ඔවුන් ආකර්ෂණය කර ගැනීමට රට අරගල කරමින් සිටියි.



සඳුදා පැවති මාධ්‍ය හමුවකදී නව වසර 10ක සංක්‍රමණ උපාය මාර්ගයක් එළිදක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පැවසුවේ , සංක්‍රමණ ක්‍රියාවලිය පසුගිය රජය විසින් "කඩාවැටීමකට ලක් කර" ඇති බවයි.

මෙම වසර මුලදී සිදු කරන ලද සමාලෝචනයක් මඟින්, රට තුළට සිදුවන සංක්‍රමණ සම්බන්ධයෙන්  "ප්‍රධාන ප්‍රතිසංස්කරණයක්" අවශ්‍ය බව සොයා ගන්නා ලදී.

2023 ජුනි දක්වා පුද්ගලයින් 510,000 ක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව දැක් වූ අමාත්‍යවරිය පැවසුවේ, එසේ සංක්‍රමණය වන සංඛ්‍යාව පාලනය කිරීමක් වශයෙන් ,  තම රජය  වාර්ෂික සංක්‍රමණ 50% කින් පමණ අඩු කරන බවය.

ඉදිරිපත් කරන ලද නව ක්‍රියාමාර්ග අතර -
ජාත්‍යන්තර සිසුන් සඳහා දැඩි ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා
දෙවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන අය පිළිබඳ වැඩි පරීක්‍ෂණයක් ( එහි දී  වැඩිදුර අධ්‍යාපන අභිලාෂයන් හෝ ඔවුන්ගේ වෘත්තීන් ඉදිරියට ගෙන යන බව ඔවුන් ඔප්පු කළ යුතුය.) එයට හේතුව වී ඇත්තේ ,  ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන් 650,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දෙවන වීසා බලපත්‍රය මත සිටින බව වාර්ථා වී තිබීමයි.



"විශේෂඥ" හෝ "අත්‍යවශ්‍ය" කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වීසා මාර්ග ( ඉහළ නිපුණතා සහිත තාක්ෂණික සේවකයින් හෝ රැකවරණ සේවකයින් වැනි)  සහා ස්ථිර පදිංචිය සඳහා වඩා හොඳ අපේක්ෂාවන් ලබා දීම ද මෙම නව ක්‍රියාමාර්ගයන්ට ඇතුළත්ය.  

නව ප්‍රතිපත්ති මගින්,  ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ ජීවත් වන, රැකියා කරන සහ අධ්‍යාපනය ලබන්නන් සූරාකෑමේ අවදානම අවම කිරීමට උපකාරී වනු ඇති බව O'Neil මහත්මිය පැවසුවාය.

විපක්ෂ සංක්‍රමණ ප්‍රකාශක ඩෑන් ටෙහාන් පවසා ඇත්තේ,  COVID වසංගතයෙන් ඕස්ට්‍රේලියාවට ගොඩ ඒම සඳහා නිර්මාණය කරන ලද සංක්‍රමණ ප්‍රතිපත්ති, නැවත සකස් කිරීමට රජය දැනටමත් ප්‍රමාද වැඩි බවයි.

 ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය සමනය කිරීමට උපකාර කිරීම සඳහා සංක්‍රමණය තාවකාලිකව අඩු කරන ලෙසට මෑත සතිවල ඇතැම් පාර්ශ්ව වලින් රජයට බලපෑම් එල්ල වී ඇත.