Two-farmers-were-killed-by-lightning-in-two-fields

පවතින අයහපත් කාලගුණයත් සමග ගලේවෙල හා කොටවෙහෙර පොලිස් වසමේ නැබඩවැව යන ප්‍රදේශවල කුඹුරු යායන්වලදී අකුණුසැර වැදීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිති.ගලේවෙල ප්‍රදේශයේ කුඹුරක වී වපුරමින් සිටී ගොවියෙකු අකුණුසැර වැදීමෙන් පෙරේදා (03දා) මියගොස් ඇතැයි

ගලේවෙල පොලීසිය සදහන් කරයි.මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල, බුලාගල ප්‍රදේශයේ පදිංචි එම්.ඒ.සෝමතිලක (60) නමැති දෙදරු පියෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

අකුණුසැර වැදුණු පුද්ගලයා වහා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.මේ අතර කොටවෙහෙර, නැබඩවැව කුඹුරු යායේ පැලක තිබූ, අකුණුසැර වැදීමෙන් මියගිය බවට සැකකෙරෙන ගොවි මහතෙකුගේ සිරුරක් පෙරේදා (03දා) සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

කරුවලගහවත්ත, දිගන්නෑව  ප්‍රදේශයේ පදිංචිව සිටි 30 වියැති ගොවි මහතෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මරණකරුට අයත් නැබඩවැව කුඹුරු යායේ පිහිටි තම කුඹුරට වගා කටයුතු සඳහා වැසි සහිත මෙදින උදෑසන ගොස් ඇති බවත්, මොහු පැලේ මැස්ස මත වැටී සිටින අයුරු අසල් වැසි ගොවි මහතුන් දැක ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එස්.කරුණාරත්න/ නිකවැරටිය - ප්‍රියානි මංගලිකා