gene-drive-malaria-control-technology-africa-intl

Abdoulaye Diabate වයස අවුරුදු පහේදී ජීවිතයට තර්ජනයක් වන මැලේරියා රෝගයකට මුහුණ දුන්නේය. Diabate මැලේරියා රෝගයෙන් යාන්තමින් දිවි ගලවා ගත් නමුත්,  වයස අවුරුදු තුනේ සහ හතරේ සිටි ඔහුගේ ඥාති සොහොයුරියන් එම රෝගයෙන් දිවි ගලවා ගැනීමට තරම් වාසනාවන්ත නොවීය.

දැන් බර්කිනා ෆාසෝ සෞඛ්‍ය විද්‍යා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය කීට විද්‍යාව සහ පරපෝෂිත විද්‍යාව පිළිබඳ ප්‍රධානියා වන Diabate විසින් , ජාන වෙනස් කිරීමෙන් මැලේරියාව සම්ප්‍රේෂණය කරන මදුරු විශේෂ අතුගා දැමිය හැකි නව්‍ය තාක්‍ෂණයක් සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටී.

බුර්කිනා ෆාසෝ හි උපත ලද මෙම විද්‍යාඥයාට,  විද්‍යාව සහ නවෝත්පාදන කළමනාකරණය සඳහා 2023 Falling Walls ත්‍යාගය පිරිනමන ලදී. එහි සංවිධායකයින් පැවසුවේ, Diabate ගේ පර්යේෂනය  “මැලේරියා පාලනය සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන බවයි.”



සැප්තැම්බර් මාසයේදී  යෝජනා කරනු ලබන , වසරේ කීර්තිමත් සම්මානයේ ගෝලීය ජයග්‍රාහකයින් 10 දෙනා ගේ ලැයිස්තුවට ඇත්ළත් වූ එකම අප්‍රිකානු පුරවැසියා වන්නේ Diabate ය.  Falling Walls පදනම යනු ඉදිරිගාමී චින්තනය පෝෂණය කිරීම සඳහා කැප වූ ලාභ නොලබන සංවිධානයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව , බටහිර අප්‍රිකානු ජාතියේ මිලියන 22ක වැසියන්ගේ මරණයට ප්‍රමුඛතම හේතුවක් ලෙස මැලේරියාව සැලකේ.

2021 දී බුර්කිනා ෆාසෝ හි මිනිසුන් 19,000කට ආසන්න ප්‍රමාණයක් මැලේරියාව හේතුවෙන් මිය ගොස් ඇති බව අප්‍රිකාවේ WHO ප්‍රාදේශීය කාර්යාලයේ නවතම දත්ත පෙන්වා දෙයි.

වසර ගණනාවක් තිස්සේ සිදු කරනු ලැබූ  මැලේරියා මර්දන මැදිහත්වීම්, කෘමිනාශක ප්‍රතිකාර , ඇදන් සදහා දැල් භාවිතය, බලපෑමට ලක් වූ රටවල මැලේරියාව සම්ප්‍රේෂණය සහ මරණ අවම කිරීමට උපකාරී වී ඇත.

කෙසේ වෙතත්, “මැලේරියා මරණ පිළිගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින අතර, 2015 සිට රෝගීන් අඛණ්ඩව වැඩි වෙමින් පවතින බව  WHO ප්‍රකාශ කළේය.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් ප්‍රකාශිත දත්තයන්ට අනුව, මැලේරියාව හේතුවෙන් 2021 දී ගෝලීය වශයෙන් පුද්ගලයන් 619,000ක් මිය ගොස් ඇත.  එම මරණවලින් 96% ක් පමණ අප්‍රිකාවේ සිදු වූ බව සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කළේය.  අප්‍රිකාවේ සිදු වන මැලේරියා මරණවලින් සියයට 80 ක් පමණ “වයස අවුරුදු 5 ට අඩු ළමයින් බව වාර්ථා වෙයි.

Diabate පැවසුවේ , මැලේරියා මර්දන මෙවලම් නවීකරණය කිරීම රෝගය ජයගත හැකි එකම මාර්ගය බවයි. “සාම්ප්‍රදායික මෙවලම් සමඟ මැලේරියාව පරාජය කිරීම දුෂ්කර කරයි. පවතින ඒවාට සාපේක්ෂව නව්‍යකරණයන් සහ නව මෙවලම් ලබා ගැනීම අතිශයින් වැදගත් වන්නේ එබැවිනි. එසේ නොවුවහොත් මැලේරියාව පරාජය කිරීමට අපට කිසිඳු ආකාරයකින් නොහැකි වනු ඇත." යැයි ඔහු පැවසීය.

මැලේරියාව සඳහා සිදු කරනු ලැබු ඔහුගේ පර්යේෂණය වන  දෛශික පාලන මෙවලම , “ජාන ධාවක තාක්‍ෂණය” ලෙස විස්තර කර ඇත.



මැලේරියාව සම්ප්‍රේෂණය වන්නේ Anopheles ගැහැණු මදුරුවන් දෂ්ට කිරීමෙන් වන අතර, පිරිමි මදුරුවන් දෂ්ට නොකරන නිසා ඔවුන්ට මැලේරියාව සම්ප්‍රේෂණය කළ නොහැක.

ජාන ධාවනය මගින්, ජාන සංස්කරණය කරන ලද පිරිමි මදුරුවන් මුදා හැරීම හරහා , රෝගය සම්ප්‍රේෂණය කරන ගැහැණු මදුරු විශේෂය වඳ බවට පත් කිරීමට හැකි වන අතර, එමගින් නව ගැහැණු පැටවුන් බිහි කිරීම වළක්වයි.  කාන්තා මදුරු ගහනය අඩු වීම තුළින්  මැලේරියා සම්ප්‍රේෂණය නැවතෙන බව Diabate පවසයි.

දියුණු කරන මෙම තාක්‍ෂණය අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, එය ලාභදායී වනවා පමණක් නොව, එය තිරසාර වනු ඇත. එසේම එය අප්‍රිකාවේ දුරස්ථ හා ප්‍රවේශ වීමට අපහසු ප්‍රදේශවල යෙදවිය හැකිය. කෙසේ වෙතත්, අප්‍රිකාවේ ජාන ධාවක තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි Diabate පැවසීය.

2019 දී, Diabate's vector පාලන පර්යේෂණ සන්ධානය විසින්,  ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කරන ලදී.  එහි දී ජානමය වශයෙන් සංස්කරණය කරන ලද මදුරුවන්ගේ පුරෝගාමී කණ්ඩායම බටහිර බුර්කිනා ෆාසෝ හි ගම්මානයට මුදා හරින ලදී. පාලිත මුදා හැරීමේදී වඳ පිරිමි මදුරුවන් 14,000කට වැඩි ප්‍රමාණයක් එදිනම නිදහස් කරන ලද අතර,  ඉන් දින 20 කට පසු මුදා හරින ලද මදුරුවන්ගෙන් 527 ක් නැවත අල්ලා ගන්නා ලදී.

එම මදුරුවන් මැලේරියා සම්ප්‍රේෂණයට බලපෑම් කිරීම ඉලක්ක කර නොතිබුණද, ඒ තුළින් කණ්ඩායමට තොරතුරු රැස් කිරීමට, දැනුම ගොඩනඟා ගැනීමට සහ දේශීය කුසලතා වර්ධනය කිරීමට පියවරක් වූ බව පර්යේෂණ සන්ධානය තවදුරටත්  පැවසීය.

මීට අමතරවද මදුරුවන්ගේ  DNA ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනිම ව්‍යාපෘති ඇත.

2013 දී, එක්සත් ජනපදයේ ජෛව තාක්‍ෂණ සමාගමක් වන Oxitec විසින් ජාන වෙනස් කරන ලද මදුරුවන් නිපදවා ඇති අතර , එමඟින් කහ උණ මෙන්ම ඩෙංගු සහ Zika වෛරස්  සම්ප්‍රේෂණය කරන Aedes aegypti මදුරු විශේෂයේ ගැහැණු විශේෂ මර්ධනය කිරීමට හැකි වී ඇත.
එසේ ජාන වෙනස් කරන ලද ගැහැණු මදුරුවන්ගේ පැටවුන් කීට අවධියේදීම මිය යයි.  

2016 දී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල Zika සම්ප්‍රේෂණය කරන ගැහැණු  මදුරුවන් සඳහා X-ray බලයෙන් ක්‍රියා කරන තාක්‍ෂණයක් දියත් කරන ලදී. එමගින් ප්‍රජනනය අඩු කිරීම අරමුණු කර ගෙන ඇත.


මෙහි දී පිරිමි මදුරුවන් ඉලක්ක කර  ජාන සංස්කරණය කරන ලද පළමු පර්යේෂණය වන්නේ Diabate ගේ පර්යේෂණය බව පෙනී යයි.

බර්කිනා ෆාසෝවෙන් පිටත සෞඛ්‍ය බලධාරීන් Diabate හි ජාන ධාවක තාක්‍ෂණය පිළිගෙන ඇත. නමුත් සම්පූර්ණයෙන්ම මෙම සත්වයන් මුදා හරින විට පරිසරයට සිදු වන බලපෑම පිළිබඳව ප්‍රශ්න පවතී.

මලාවි ජාතික මැලේරියා මර්දන වැඩසටහනේ වැඩසටහන් කළමනාකරුවෙකු වන Lumbani Munthali පැවසුවේ, ජාන ධාවක තාක්‍ෂණය “නියම වේලාවට පැමිණෙන හොඳ නවෝත්පාදනයක්” වුවද එහි පාරිසරික බලපෑම් තවමත් නොදන්නා බවයි.

ජර්මානු පදනම් කරගත් උපදේශන කණ්ඩායමක් වන Save Our Seeds (SOS) විසින්, පරිසර පද්ධති කෙරෙහි වන බලපෑම පුරෝකථනය කළ නොහැකි බව පවසමින් ජාන ධාවක තාක්‍ෂණයට එරෙහිව දැඩි අදහස් දක්වා ඇත.  පක්ෂීන් සහ බත්කූරන් වැනි බොහෝ සතුන් සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයන් අතර මදුරුවන් බව උපදේශක කණ්ඩායම පැහැදිලි කළ අතර, “දකුණු ප්‍රංශයේ ස්වභාව රක්ෂිතයක් වන කැමර්ගු හි ජීව විද්‍යාත්මක පළිබෝධනාශකයක් සමඟ මදුරුවන් විනාශ කිරීම , කුරුල්ලන්ගේ සංඛ්‍යාව සහ විවිධත්වය අඩු කිරීමට හේතු වූ බව සිහිපත් කළේය. "

නමුත් මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා තම ජීවිතය කැප කළ බව Diabate පැවසීය. “කුඩා දරුවෙකු ලෙස රෝගයෙන් මිය යාමට ආසන්නයේ සිට මගේ ආදරණීයයන් අසනීප වන සෑම අවස්ථාවකම ඔවුන් රැකබලා ගැනීම දක්වා ,මැලේරියාව මගේ පෞද්ගලික ජීවිතයේ සෑම අංශයකටම බලපෑවා. එබැවින් අප්‍රිකාවේ සංවර්ධනය අඩාල කරන සහ මිලියන සංඛ්‍යාත අප්‍රිකානු ජීවිතවල අනාගතය බිඳ දමන මෙම රෝගයට එරෙහිව සටන් කිරීමට මගේ ජීවිතය කැප කිරීමට මම තීරණය කළෙමි, ” යැයි Diabate ප්‍රකාශ කළේය.