russia-missile-attack-ukraine

දින 80කට ආසන්න නිහඩතාවයකින්  පසු සිකුරාදා පාන්දර  යුක්රේනය වෙත රුසියාව කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යුක්රේන බලධාරීහු පවසති.

Kyiv නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානී Serhii Popko පවසන පරිදි, Kyiv හි ගුවන් ප්‍රහාරය පැය දෙකකට ආසන්න කාලයක් පැවති නමුත් යුක්රේන අගනුවර දෙසට ගමන් කරන සියලුම මිසයිල ගුවන් ආරක්ෂක විසින් විනාශ කරන ලදී.

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ පහදුන් ප්‍රහාර වැළකීමට එල්ල කල ප්‍රති ප්‍රහාර වල සුන්බුන් වැටීම හේතුවෙන් Kyiv හි සමහර නිවාස වලට හානි සිදුව ඇති බවයි.



අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko පවසන්නේ  යුක්රේනයේ මධ්‍යම Dnipropetrovsk කලාපයේ Pavlohrad නගරයට පහර දුන් මිසයිලයක් හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකුට තුවාල සිදුඅ ඇති බවයි

තවද නැඟෙනහිර Kharkiv කලාපයේ සිදුවූ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව Klymenko පවසා ඇත

එසේම කුපියන්ස්ක් දිස්ත්‍රික්කයේ තට්ටු පහක නේවාසික ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති අතර Kharkiv නගරයේ අවම වශයෙන් මහල් ගොඩනැගිලි හතකට සහ මෝටර් රථ 20කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇත.

Kharkiv කලාපයේ හමුදා පරිපාලනයේ ප්‍රධානී Oleh Syniehubov Telegram හි සදහන් කර ඇත්තේ  Kharkiv වෙත S-300 මිසයිල හයකින් පහර දුන් බවයි

යුක්රේන නීතිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත

යුක්රේන ගුවන් හමුදා විධානයේ ප්‍රකාශක Yurii Ihnat පැවසුයේ , ව

ෙඩි තැබූ මිසයිල 19 න් 14 ක් Kyiv සහ Dnipropetrovsk ප්‍රදේශවල විනාශයට බලපා ඇති බවයි .

කෙසේනමුත් දින 79 ක දිගු විරාමයකින් පසු Tu-95MS උපාය මාර්ගික ගුවන් යානා මගින් දියත් කරන ලද කෲස් මිසයිල සමඟ ප්‍රහාර නැවත ආරම්භ කර ඇති බවක් පෙනේ.ආසන්න වශයෙන් බෝම්බ හෙලන මිසයිල වාහක 10 ක් පමණ Kh-101/555/55 වර්ගයේ කෲස් මිසයිල සරතොව් කලාපයේ එංගල්ස් නගර ප්‍රදේශයෙන් ක්රියාත්ම වී ඇත

ගුවන් හමුදා අණදෙන නිලධාරියාගේ නිල ටෙලිග්‍රාම් ගිණුමේ දත්ත වලට අනුව යුක්රේනයට එල්ල වූ නවතම ප්‍රධාන කෲස් මිසයිල ප්‍රහාරය සැප්තැම්බර් 21 වන දින මිසයිල 43ක ක්‍රියාකාරීත්වයෙන්  සිදුව ඇත



නොවැම්බර් 25දා රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 75කින් යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් පූර්ණ පරිමාණ ආක්‍රමණය  සිදු කල අතර එය ආරම්භයේ සිටම  සිදු වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය බව යුක්රේන නිලධාරීන් පවසා ඇත


ගුවන් හමුදා අණදෙන දත්ත වලට අනුව දාදා තවත් ෂාහෙඩ් 48 ක් දියත් කරන ලද බව වාර්තා කර ඇත

යුක්රේනයේ ආරක්ෂක බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානී Vadym Skibitsky නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ රුසියාව මෙම ශීත සෘතුවේදී යුක්‍රේන යටිතල ව්‍යුහයට ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා සංයෝගයක් භාවිතා කරනු ඇති බවයි.

කෙසේනමුත් පසුගිය වසරේ, සීමිත යුක්රේන ගුවන් ආරක්ෂක ක්‍රියාත්මක වීමත් සමඟ,යුක්රේනයේ බලශක්ති ජාලය ඉලක්ක කර ගැනීමට රුසියාවට හැකිවී තිබිණ