ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමලිංගික විවාහයන්ට ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවසර දී ඇති අතර , එය රෝමානු කතෝලික පල්ලිය තුළ LGBT ප්‍රජාව ලබා ගත් ජයග්රහනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
රෝමානු කතෝලික පල්ලියේ නායකත්වය දරන පාප් වහන්සේ කියා සිටියේ , යම් යම් තත්වයන් යටතේ සමලිංගිකයින්ට ආශිර්වාද කිරීමට පූජකවරුන්ට අවසර දිය යුතු බවයි.
නමුත් වතිකානුව පැවසුවේ මෙම ආශීර්වාදයන් , නිතිපතා පල්ලියේ චාරිත්‍රවල කොටසක් , සිවිල් සංගම් හෝ විවාහ මංගල්‍යවලට සම්බන්ධ නොවිය යුතු බවයි. විවාහය ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර පමණක් සිදුවන දෙයක් ලෙස සලකන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා දිනයේ දී එම වෙනස ප්‍රකාශයට පත් කරමින් වතිකානුව නිකුත් කළ ලේඛනය අනුමත කළහ. වතිකානුව පැවසුවේ එය "දෙවියන් වහන්සේ සියල්ලන්ම සාදරයෙන් පිළිගනී" යන්නෙහි ලකුණක් විය යුතු බවයි. නමුත් ලේඛනය පවසන්නේ පූජකයන් එක් එක් සිදු වීම අනුව ආහිර්වාද කිරීම පිළිබදව තීරණය කළ යුතු බවයි.
පාඨය හඳුන්වා දෙමින්, පල්ලියේ නායක කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් පැවසුවේ, නව ප්‍රකාශය "විවාහය පිළිබඳ පල්ලියේ සාම්ප්‍රදායික මූලධර්මය මත ස්ථිරව" පවතින බවයි.
කතෝලික සභාව තුළ ආශීර්වාදය යනු ,
සාමාන්‍යයෙන් දේවසේවකයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන යාච්ඤාවක් හෝ ආයාචනයක් වන අතර, එමගින් ආශීර්වාද ලබන පුද්ගලයා හෝ පුද්ගලයන් දෙස යහපත් ලෙස බලන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.
නව ප්‍රකාශය කුමක් වුවද සමලිංගික විවාහ තත්ත්ව වලංගු නොවන බව කාදිනල් ෆර්නැන්ඩස් අවධාරණය කළේය. පල්ලිය සතු ස්ථාවරයේ වෙනසක් නොවුණත්, නව ප්‍රකාශය තුලින් කතෝලික පල්ලියේ ස්වරය මෘදු කිරීමක් දැකිය හැකි වෙයි. 2021 වසරේ දී පාප් වහන්සේ කියා සිටියේ ,පූජකයන්ට සමලිංගික විවාහයන්ට ආශීර්වාද කළ නොහැකි බවයි.
මන්ද දෙවියන් වහන්සේට "පාපයට ආශීර්වාද" කළ නොහැකි බැවිනි.
නමුත් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔක්තෝම්බර් මාසයේදී යෝජනා කර තිබුණේ සමලිංගික විවාහ සඳහා ආශිර්වාදය ලබා ගැනීමට පල්ලිය විවෘත වන බවයි. පල්ලියේ බලධාරීන්ගේ ස්ථාවරය අපැහැදිලි වුවද ඇතැම් රටවල බිෂොප්වරු, සමලිංගික විවාහයන්ට ආශීර්වාද කිරීමට පූජකයන්ට මීට පෙර අවසර දී ඇත.
0 Comments