The-worlds-shortest-woman-celebrates-her-30th-birthday

ලොව මිටිම කාන්තාව වන ජෝති අම්ගේ පසුගිය දිනෙක  සිය 30 වැනි උපන්දිනය සමරා ඇත  
ඇය 1993 දෙසැම්බර් 6 වන දින උපත ලබා ඇති අතර ,ගිනස් ලෝක වාර්තාවලට අනුව , අම්ගේ මහත්මියගේ  උස සෙන්ටිමීටර 62.8 ක් වෙයි.
ගිනස්  කණ්ඩායම ඇගේ 18 වැනි උපන්දිනයේදී ඇගේ නිවසට ගොස් ඇති අතර එදින ලැබූ හොදම උපන්දින තෑග්ග ලොව මිටිම කාන්තාව ලෙස නිල වශයෙන් ඇයව තහවුරු  කිරීම බව පවසා ඇත
ඇය ඇයගේ නිල වෙබ් අඩවියට  පවසන්නේ 2014 අගෝස්තු මාසයේ "American Horror Story: Freak Show" හි සිව්වන වාරයටද ඇය  සහභාගී වන බවයි.



නාග්පූර්හි වෙසෙන අම්ගේ මහත්මිය ඇගේ උපන්දින සැමරුම් ගැන කතා කරමින් සිනාසෙමින් මතක් කර සිටියේ යට වරක් ඇයගේ උසේ ප්‍රමාණයටම  ජීවමාන ලෙසින් උපන්දින කේක් එකක් ලැබුන බවයි

එය ඇගේ ඇමරිකානු මිතුරන් විසින් ලබා දුන්නක් බවද ජෝති අම්ගේ මහත්මිය පවසා ඇත.

ජෝති  මහත්මිය ඇගේ ලෝක වාර්තාවට ප්‍රදානය කිරීමෙන් පසු විවිධ රටවල සංචාරය කර ඇත.

තවත් පුදුම සහගත සිදුවීමක් වන්නේ 2012 දී ඇයට ලොව මිටිම මිනිසා වූ චන්ද්‍ර බහදූර් ඩැන්ගි ලන්ඩනයේදී හමුවීමය.

ඔහුගේ උස 54.6 cm (අඟල් 21.5) වූ අතර ජෝති මහත්මියට මෙතෙක් හමුවූ තමාට වඩා උසින් අඩු පළමු වැඩිහිටි පුද්ගලයාද ඔහු විය

ඩැන්ගි මහතා 2015 දී මිය ගොස් ඇත.

අම්ගේ මහත්මිය ඒ පිලිබදව අදහස් දක්වා සිටියේ "ඇයට  ලෝකයේ මිටිම මිනිසා මුණගැසී ඔහුව දැන හඳුනා ගත් විට,  මහත් සතුටක් දැනුන බවත් . තවත් ඇය  වැනි කෙනෙකු  සිටීම ගැන ඇයට  වඩාත් සතුටක් දැනුන බවත් බවත් ය



2018 දී අම්ගේ මහත්මිය ඊජිප්තුවට ගොස් ලොව උසම මිනිසා වන Sultan Kosen (තුර්කියේ සිට)  හමුවූ අතර ඔහුගේ උස 251 cm (අඩි 8 අඟල් 2.8) වූ අතර එය ඇගේ උස ප්‍රමාණයෙන් හතර ගුණයක් ය.

කෙසේනමුත් ඊජිප්තු සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාට ඊජිප්තුවට ආරාධනා කරනු ලැබුවේ රටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා බවද දැනගන්නට ලැබී ඇත.