The-eight-people-trapped-in-a-star-hotel-with-8-crores-and-a-firearm-continue-to-be-remanded

පිස්තෝල වර්ගයේ ගිනි අවි­යක් සහ ඉපයූ ක්‍රම­යක් සඳ­හන් කළ නොහැකි රුපි­යල් කෝටි අට­කට අධික මුද­ලක් සන්ත­කයේ ඇතිව කොළඹ මල් පාරේ පිහිටි තරු පන්තියේ හෝට­ල­යක රැඳී සිටි­යදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් 8 දෙනා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (8) නියෝග කළේය.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ග­ර­ගත කෙරුණේ මහ­මා­නගේ රුවන් පුෂ්ප­කු­මාර, මොහො­මඩ් ඊර්ෆාන්, ජගත් සඳ­රු­වන්, ඉර­සිංහ ආර­ච්චිගේ ශ්‍රී තමීර චතු­රංග, කිස­ත්සිරි තුසිත කුමාර, හේවා කෝට්ටගේ රජ­ගන, සනත් බණ්ඩාර දිසා­නා­යක, මාක් නයි­ජල් කොල්ලුරේ යන අය වෙති.

ගිනි අවි ආඥා පනත පුපු­රන ද්‍රව්‍ය ආඥා පනත සහ මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ‍ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් දන්වා සිටි අතර පරී­ක්ෂණ අව­සන් නැති බැවින් සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.



නවීන් පන්නයේ රථ දෙක­කින් පිරි­සක් නිති විරෝධි ක්‍රියා­වක් සඳහා කොළඹ ප්‍රදේ­ශයේ සැරි­ස­රන බවට අප­රාධ පරී­ක්ෂන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාට ලද තොර­තු­රක් මත සිදු කළ පරී­ක්ෂා­ව­කදී කොල්ලු­පිටි මල් පාරේ හෝට­ලයේ නවීන පන්නයේ රථ දෙක­නින් පැමිණි මේ පිරිස අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ සැක­ක­ට­යුතු අන්ද­මින් සැර­ස­රනු දැක සිදු කළ පරී­ක්ෂා­ව­කදී බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

පළමු සැක­කරු සන්තයේ තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවි­යද, දෙවන සැක­කරු භාරයේ තිබී රුපි­යල් තුන් කෝටි තිස් හත් ලක්ෂ­යක මුද­ලක්ද තෙවන සැක­කරු භාරයේ තිබී රුපි­යල් කෝටි 4ක මුද­ලක්ද අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. මුදල් ගනින යන්ත්‍ර­යක්ද ඔවුන් සතුව තිබූ බව ද එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක