China-built-the-world's-first-automatic-horizontal-cultivation

චීනය රොබෝ තාක්ෂණය මගින් ක්‍රියාත්මක ලොව පළමු වැනි තිරස් වගාබිම එළිදක්වන්නට පසුගියදා කටයුතු කළ බව පවසයි. එරට නිරිතදිග සිවුආන් පළාතේ පිහිටි චෙන්ඩු නගරයේදී මෙම වගාබිම ඉදිකර තිබේ. මෙය 'ස්වයංක්‍රීය එළවළු කර්මාන්තශාලාව (Autonomous Veggie Factory) ලෙසින් නම් කර ඇත.

චීනයේ කෘෂිකාර්මික විද්‍යාව පිළිබඳ ඇකඩමිය යටතේ ක්‍රියාත්මක වන නාගරික කෘෂිකාර්මික ආයතනය (IUA) මගින් මෙම ගොවිපොළ කර්මාන්තශාලාව නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම, ගෝලීය කෘෂිකාර්මික විද්‍යාවේ සහ තාක්ෂණයේ අනාගතය ලෙස මෙම සිරස් වගාබිම් සංකල්පය හඳුනාගෙන ඇත.

එක මත එක පිහිටන තට්ටු සැකැස්මක් ලෙස ඉදිකර ඇති මේ හරහා වසරේ සෑම කාලයකදීම එළවළු නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබාදීම මෙම කාර්යක්ෂම කෘෂිකාර්මික පද්ධතියේ ඇති කැපී පෙනෙන ලක්ෂණයයි.

චීනයේ ඉදිකළ මෙම නව සිරස් වගාබිම සතුවද මහල් 20ක් පවතී. එය අද වනවිට ලොව පිහිටා මෙවැනි සිරස් වගාබිම් අතර වැඩිම තට්ටු සංඛ්‍යාවක් සහිත වගාබිමද වෙයි. එසේම, මේ සදහා යොදාගෙන ඇති තාක්ෂණයද ලොව ඇති වඩාත් දියුණුම තාක්ෂණය බව මෙම ගොවිපොළ නිර්මාණය කළ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානියා පවසයි.අනෙකුත් සාමාන්‍ය සිරස් ගොවි බිම් මෙන්ම, මෙයද ඉදිකර ඇත්තේ ගෘහාශ්‍රිතවය. එහිදී එකිනෙක මත ඉහළට පිහිටවූ විශාල රාක්ක ඒ සඳහා යොදගෙන ඇති අතර, ආලෝකය ලබාදීම LED ආලෝකය මගින් සිදුකෙරේ. ඒ අනුව, මෙම වගාබිම මහල් 20ක ගොඩනැගිල්ලක් මත පිහිටා කාමර තුළ පැළ වගාකිරීමක් හා සමාන අවස්ථාවකි.

විශේෂයෙන්ම, මෙම ක්‍රමවේදය යොදාගෙන නාගරික ප්‍රදේශ වෙත මෙන්ම කාන්තාර සහ මුඩුබිම් ආශ්‍රිත ප්‍රදේශ වෙත අවශ්‍ය ආහාර නිෂ්පාදනය සිදුකළ හැකි බව අදහස වී තිබේ. ඒ හරහා අනාගතයේදී නාගරික පරිසර වෙත අවශ්‍ය තිරසාර දේශීය ආහාර සැපයුම මෙන්ම, වගා කෙරෙන අවකාශය පුළුල් කිරිමත් සිදුකළ හැකිය. රොබෝ තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක වෙන්ග්ඩුහි  ඉදිකෙරුණු මෙම සිරස් වගාබිම තුළ දින 35ක් තුළදී සලාද කොළ නිපදවීමේ හැකියාව පවතී. මෙහිදී යොදාගෙන ඇති කෘත්‍රිම බුද්ධි පාදක පාලක පද්ධතිය මගින් අදාළ පැළ වෙත අවශ්‍ය ආලෝකය නිසි පරිදි ලබාදීම මෙන්ම පොහොර සැපයීමද නිසි ලෙස සිදුකළ හැකිය. ඒ සදහා යොදා ගැනෙන්නේ ස්මාට් ජංගම දුරකථන ඇප් වැඩසටහනකි.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීනයේ නාගරික කෘෂිකාර්මික ආයතනයේ පර්යේෂකයෙකු වන වැන් සෙන්, ”අපිට මෙතැනදී එකිනෙකට වෙනස් රතු, නිල්, කහ, පාරජම්බුල හා ආසන්න සහ අධෝරක්ත ආසන්න ආලෝකය ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව, පැළෑටියේ ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් අදියරවලදී මේ ආලෝකය ලබාදෙනවා. මෙහිදී අප සතුව භෝග වර්ග 72ක් සඳහා වන ආලෝක එකතූන් 1,300ක පමණ දත්ත ගබඩාවක් තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව, මෙවැනි ගෘහස්ත ගොවිබිම් මගින් අවට පරිසරයක් සහිත ප්‍රදේශවලට වඩා වේගයෙන් එළවළු නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබෙයි. “අපිට පුළුවන් සෑම වසරකදීම එළවළු බෝග 10කට වඩා වැඩියෙන් ඵලදාව ලබාගන්න. මෙය ඉතාමත් කාර්යක්ෂම ක්‍රමවේදයක්.”එසේම, පර්යේෂකයන්ට අනුව මෙම වගාබිම භෝග අභිජනනය වේගවත් කරන ස්ථානයක් ලෙසද යොදාගත හැකිය. ඒ අනුව, තිරිගු, කපු සහ සෝයා බෝංචි වැනි භෝග සඳහා වන අභිජනන කාලය 50%කින් අඩුවන බව පැවසෙයි.