මත­භේ­ද­යට තුඩු දුන් කාශ්මීර් ප්‍රාන්තයේ ස්වයං පාලන අර්බු­දය ඉන්දීය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යේදී නිමා­වට පත් වී ඇත. වසර 1949දී එම ප්‍රාන්ත­යට ස්වයං පාලන අයි­තිය ලබා දෙමින් ඉන්දීය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට 370 වැනි වග­න්තිය ඇතු­ළත් කළ අතර, එවැනි පසු­බි­මක් යටතේ වුවද කාශ්මී­රයේ ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් බහු­ලව සිදු විය. දශක 60කට ආසන්න කාල­ය­කට පසු ඉන්දීය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන් 370 වැනි වග­න්තිය ඉවත් කර එහි කට­යුතු මධ්‍යම රජ­යට පවරා ගැනී­මට ඉන්දි­යාව පිය­වර ගනු ලැබුවේ තව­දු­ර­ටත් එම ප්‍රාන්තයේ ජන­තා­වට පීඩ­න­යෙන් හා දරි­ද්‍ර­තා­ව­යෙන් යුතුව ජීව­ත්වී­මට ඉඩ දිය නොහැකි බැවිනි.



ඉන්දිය රජය ගත් එම පිය­වර අභි­යෝ­ග­යට ලක් කර­මින් ඇතැම් පාර්ශ්ව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්සම් ඉදි­රි­පත් කරනු ලැබුවේ එවැනි පසු­බි­ම­ක­දීය. මාස ගණ­නා­වක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යේදී එම පෙත්සම් විභා­ගය සිදු වූ අතර, තීන්දුව නිකුත් කරනු ලැබුවේ ඊයේ පෙරේ­දාය. ශ්‍රේෂ්ඨා­ධී­ක­ර­ණයේ පංච පුද්ගල විනි­සුරු මඬුල්ල 5-0ක් ලෙස ඒක­ම­ති­කව තීන්දුව ලබා දුන්නේ ඉන්දීය රජය ගත් පිය­වර අනු­මත කර­මිනි.

පාකි­ස්තාන සම්භ­ව­යක් සහිත මුස්ලිම් ජාති­ක­යන්ගේ පළා­තක් වන ජම්මු කාශ්මී­රයේ ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් සඳහා පාකි­ස්තා­න­යෙන් සහාය ලැබෙන බවට වාර්තා වූවද බට­හිර මාධ්‍ය ඉස්මතු කර පෙන්වා තිබුණේ ලොව වඩාත්ම හමු­දා­ක­ර­ණ­යට ලක්වූ ප්‍රාන්ත­යක් ලෙස­ටය. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහා මණ්ඩල සැසි­ව­ලදී පවා මේ සම්බ­න්ධව සාක­ච්ඡා­වට ලක් වූ අතර, කාශ්මී­රයේ සිදු­වීම් සම්බ­න්ධව පාකි­ස්තාන නියෝ­ජි­ත­යන් ඉන්දි­යා­වට චෝදනා එල්ල කර තිබිණි.



සැබැ­වින්ම ඒ වන විට ඉන්දීය රජය රුපි­යල් කෝටි ගණ­නින් මුදල් වැය කර ජම්මු කාශ්මී­රයේ දැවැන්ත සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර තිබිණි. එම ප්‍රාන්තයේ තරුණ තරු­ණි­යන් නීති විරෝධී කට­යුතු සඳහා යොමු­වීම මඟ හරවා ගැනී­ම­ටත්, කාන්තා­වන්ගේ ස්වයං රැකියා උත්පා­ද­නය ඉහළ දැමී­ම­ටත් පිය­වර රැසක් ගෙන තිබිණි. එම­ඟින් කාශ්මීර් ප්‍රාන්තයේ තරු­ණ­යන් ත්‍රස්ත සංවි­ධාන හා නීති විරෝධී කට­යුතු සඳහා යොමු­වීම වසර දෙකක් ගත වන විට 40% කින් අඩුවී තිබිණි. ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් ද සැල­කිය යුතු ආකා­ර­යෙන් පාල­නය වී තිබූ බව ජම්මු කාශ්මී­රයේ ප්‍රාන්ත බල­ධා­රීන් තහ­වුරු කර තිබිණි. මීට අම­ත­රව එම ප්‍රාන්තයේ කෘෂි­කා­ර්මික ක්ෂේත්‍ර­යට වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් ජන ජීවිත ඉහළ නැංවී­මට ක්‍රියා­මාර්ග රැසක් ගෙන තිබිණි. ශ්‍රෙෂ්ඨා­ධි­ක­ර­ණ­යේදී පෙත්සම් විභා­ගය සිදු වෙද්දී පංච පුද්ගල විනි­සුරු මඬුල්ලේ අව­ධා­නය නිතැ­තින්ම ඒ සම්බ­න්ධව යොමු වන්නට ඇත.



ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ජන­තා­වට නිද­හස් ජීවි­ත­යක් ගත කිරී­මට එරට රජය ගත් පිය­වර ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙන් තව­දු­ර­ටත් තහ­වුරු වීම ඒකීය රාජ්‍ය­යක් ලෙස ඉන්දි­යා­වට නැඟී සිටී­මට මෙන්ම සෙසු ප්‍රාන්ත­ව­ලට ලබා දී ඇති පහ­සු­කම් එක හා සමා­නව භුක්ති විඳී­මට ද කාශ්මිර ජන­තා­වට නිල වශ­යෙන් ලැබුණු අව­ස්ථා­වකි.