Due-to-non-payment-of-electricity-bills,-electricity-has-been-cut-off-in-5-lakh-houses

විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තොම්බර් 31 දක්වා කාලය තුළදී නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථාන 512,247ක විදුලිය විසන්ධි කර තිබෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබිල් ගෙවීමෙන් පසු නැවත විදුලිය ලබා දීම  සඳහා එක් ස්ථානයකින් රැපියල් 3,000ක අමතර මුදලක් අයකර ගෙන තිබෙන අතර මේ අනුව විදුලිය විසන්ධි කළ ස්ථාන 512,247ක ප්‍රමාණයට නැවත විදුලි සැපයුම් ලබා දී රුපියල් 1,536,741,00ක මුදලක් උපයා ගෙන තිබෙයි.



පසුගිය වසරේදී විදුලිබිල් නොගෙවීම මත ස්ථාන 193,904ක විදුලිය විසන්ධි කර ඇති බවයි වාර්තා වෙයි.

මෙම ස්ථාන සියල්ලම විදුලිබිල ගෙවා නැවත විදුලිය ලබාගෙන තිබෙන අතර නැවත සේවා ලබාදීමෙන් විදුලිබල මණ්ඩලය එම වසර තුළදී රුපියල් 581,712,00ක මුදලක් උපයා ගෙන තිබෙයි.

විදුලි බල මණ්ඩලය තවදුරටත් සඳහන් කර ඇත්තේ 2021 වසරේදී ස්ථාන 41,607ක විදුලිය විසන්ධි කර තිබෙන අතර නැවත එම ස්ථාන සියල්ල විදුලිබිල් ගෙවා විදුලිය ලබා ගෙන ඇති බවයි.



මේ අනුව අදාළ සේවාව ලබාදීමෙන් එම වසර තුළදී 124,821,00 ක මුදලක් උපයාගෙන තිබෙයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා දීම සඳහා රුපියල් 22,500 අයකර ගෙන තිබෙන අතර මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා සඳහා රු 49 500ක මුදලක් අයකර යන්නා බවද විදුලිබල මණ්ඩලය සදහන් කරයි.