ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි පැවසූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය, ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට 13දා නියම කළාය.

මෙම සැකකරුවන්ට අමතරව මෙම සිද්ධිය පාලනය කරන දෙතුන්දෙනා කවුරුන්ද? යනුවෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට අදාළව අමාත්‍යාංශයේ සෞඛ්‍ය හිටපු ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සැක සහිත භාවයක් ජනිත කර ඇතැයිද සඳහන් කළාය.

සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන් ලබන 27වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, ම

ෙම සිද්ධියෙන් අගතියට පත් වී සිටින්නේ, රජයට බදු ගෙවන සියලු ජනතාව වනවිට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බව පෙන්වා දෙමින් මෙම සිද්ධිය පැමිණිලි කළ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාට පෙනීසිටීමට අවසර දුන්නාය.

ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ හා මහ බඩවැලේ, පියයුරු, පෙණහලු, පොස්පොට් ග්‍රන්ථිය, ආමාශය ආශ්‍රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරීම සඳහා භාවිත කරන ඖෂධ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධද ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇතැයි දැනුම් දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලමකට අනුව රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා අදාළ ඖෂධ

යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත්කොට සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකධිකාරී(සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 බුද්ධිමාල් රුබේරු