A-team-of-insect-experts-to-Jaffna-to-look-for-the-white-grass-patch

යාප­නය අර්ධ­ද්වි­පයේ චාව­ක­ච්චේරි ප්‍රදේ­ශයේ කුඹුරු කිහි­ප­යක White Back Plant Hopper නමැති කෘමි­ය­කුගේ හානි­යක් පැතිර ගොස් ඇත.
මේ කෘමි­හා­නිය වාර්තා වූ සැණින් එය මර්ද­න­යට විශේ­ෂඥ දැනු­මක් සහිත නිල­ධා­රීන් පිරි­සක් ඒ ප්‍රදේ­ශ­යට යොමු කරන ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මාලතී පර­සු­රා­මන් මහ­ත්මි­යට උප­දෙස් දී තිබේ.

ඒ අනුව මේ වන විට එම කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධාරි කණ්ඩා­යම චාව­ක­ච්චේ­රි­යට ගොස් අදාළ කෘමි මර්ද­නය සඳහා වූ කට­යුතු අරඹා තිබේ.

මේ කෘමි­හා­නිය මර්ද­නය සඳහා Curbix සහ Ethiprole 100 gr/ ISC නමැති කෘමි­නා­ශක දෙක කෘෂි­කර්ම දෙපා­ර්මේ­න්තුව නිර්දේශ කර ඇත. මේ කෘමි­නා­ශක එම ප්‍රදේ­ශයේ ගොවීන්ට නිද­හස් කිරී­මට අවශ්‍ය පිය­වර ද ගෙන ඇත.

මේ කෘමීන් කුඹු­රු­වල ගොයම ආශ්‍රි­තව නිරී­ක්ෂ­ණය වන්නේ නම් මේ කෘමි­නා­ශක භාවිතෙ කරන ලෙසත්, වැඩි දුර උප­දෙස් සඳහා ඒ ඒ ප්‍රදේ­ශ­වල සිටින කෘෂි­කර්ම උප­දේ­ශ­ක­ව­රුන් හමු වී අවශ්‍ය උප­දෙස් ගන්නා ලෙසත් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ‌ගොවි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.