An-Indian-MP-is-expelled-from-Parliament-for-giving-speeches-for-money

ආසි­යාවේ තුන්වැනි ධන­වතා ලෙස සැල­කෙන ඉන්දි­යාවේ ගෞතම් අදානි සතු සමූහ ව්‍යාපා­රය ඉලක්ක කර­මින් පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රශ්න ඉදි­රි­පත් කිරී­මට ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් ඉන්දීය රුපි­යල් මිලි­යන 20ක අල්ලස් මුද­ලක් ගත් බව කියන මන්ත්‍රී­ව­රි­යක් පාර්ලි­මේ­න්තු­වෙන් නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බට­හිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රබල පක්ෂ­යක් වන ට්‍රිනා­මූල් පක්ෂය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පිවිසි මහුවා මොයිත්‍රා නමැති මේ මන්ත්‍රී­ව­රිය ලෝක් සභා­වට යොමු කළ ප්‍රශ්න 61න් 50ක්ම ගෞතම් අදානි ඉලක්ක කර­මින්

ඉදි­රි­පත් කර ඇතැයි වාර්තා වේ. ගෞතම් අදානි අග­මැති නරේන්ද්‍ර මෝදිගේ සමි­ප­තම හිත­ව­තකු වන අතර, ඔහු ඉලක්ක කර­මින් මන්ත්‍රී­ව­රිය මුද­ලට ප්‍රශ්න අසා ඇතැයි චෝද­නාව එල්ල කර ඇත්තේ භාර­තීය ජනතා පක්ෂයේ මන්ත්‍රී නිෂි­කාන්ත් ඩුබේ විසින් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම චෝද­නාව ප්‍රති­ක්ෂේප කර­මින් මන්ත්‍රී­ව­රිය ප්‍රකාශ කර ඇත්තේ සාක්ෂි නොමැ­තිව තමා පාර්ලි­මේ­න්තු­වෙන් නෙරපා දැමූ බවය. ඇය නෙරපා දැමී­මට නිර්දේශ කර­මින් ඉන්දීය පාර්ලි­මේ­න්තුවේ ආචාරධර්ම කමි­ටුව පිටු 500කට අධික වාර්තා­වක් සභා­ගත කර ඇති අතර, එම තීර­ණ­යට එරෙ­හිව ඇයට අධි­ක­ර­ණය හමුවේ අභි­යෝග කිරී­මට හැකි­යාව ඇතැයි ද වාර්තා වේ.