ජන­තාව විසින් රාජ්‍ය ආය­තන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර සල­සා­ගත යුතු සේවා­වන් මාර්ග­ගත ක්‍රම­යට සිදු කර­ගත හැකි ඩිජි­ටල් විස­ඳු­මක්, ‘ඩිජි­ටල් රාජ්‍ය පෝරම’ නමින් හඳුන්වා දී තිබේ. පරි­ග­ණක, ජංගම දුර­ක­තන, ටැබ් ආදි උපාංග ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජන­තා­වට මේ සේවාව සද­ල­සා­ගත හැකි බව ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නය (ICTA) පව­සයි.



මේ ඩිජි­ටල් රාජ්‍ය පෝරම විස­ඳුම නියමු ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් රාජ්‍ය ආය­තන 9ක් කේන්ද්‍ර කර­ග­නි­මින් 2022 වස­රේදී සාර්ථ­කව දියත් කර තිබෙන අතර සාම්ප්‍ර­දා­යික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා­ගැ­නීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙම­ඟින් මුළු­ම­නින්ම පාහේ නතර වීම ජන­තා­ව­ටත්, රාජ්‍ය අංශ­ය­ටත් වාසි රැසක් අත් කර දෙයි.

ජන­තා­වට කාර්යාල වෙත නොපැ­මිණ නිවෙසේ සිටම සේවා සල­සා­ගැ­නී­මට හැකි වීම නිසා කාලය මෙන්ම මුදල්ද ඉතිරි වන අතර, පුර­වැසි කේන්ද්‍රීය සේවා­වක් ලෙස රාජ්‍ය අංශයේ සේවා ඉතා කාර්ය­ක්ෂම හා ඵල­දායි ආකා­ර­යෙන් ජන­තා­වට සැල­සී­මට මෙම­ඟින් හැකි­යාව ලැබේ. පුර­වැසි දත්ත­වල සුර­ක්ෂිත බව තහ­වුරු වීම, පෞද්ග­ලික දත්ත නිරා­ව­ර­ණය නොවීම මෙන්ම සේවා සැප­යී­මේදී දත්ත වෙත කඩි­න­මින් යොමු වීමේ පහ­සු­වද මේ ඔස්සේ හිමි වේ.

කඩ­දාසි භාවි­ත­යෙන් තොර වීම නිසා පරි­සර හිත­කාමි රාජ්‍ය සේවා­ව­ක­ටද මඟ පෑදෙන අතර, කඩ­දාසි ලේඛන කළ­ම­නා­ක­රණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින්ද රාජ්‍ය සේවා නිද­හස් වේ. පුර­වැ­සි­යන්ගේ අවශ්‍ය තොර­තුරු ඍජු ලෙස ඔවුන් වෙතින්ම ලබා ගත­හැකි වීම මඟින් එහි විශ්ව­ස­නී­ය­ත්වය තහ­වුරු වීමද මෙයින් ඇති වාසි­යකි.



තවද 2025 වසර අව­සන් වන විට පුර­වැ­සි­ය­න්ගෙන් අවම වශ­යෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහා අන්ත­ර්ජා­ලය මඟින් ආකෘති පත්‍ර ඉදි­රි­පත් කරනු ඇතැ­යිද එම පුර­වැ­සි­ය­න්ගෙන් 75%ක් පමණ මේ ඩිජි­ටල් විස­ඳුම පිළි­බඳ තෘප්ති­මත් වනු ඇතැ­යිද අපේක්ෂා කෙරේ.

පුර­වැසි සේවා කාර්ය­ක්ෂ­මව සහ ඵල­දා­යිව සැල­සීම වඩාත් අර්ථ­වත් කිරීමේ අර­මු­ණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියා­ත්මක වන මේ ව්‍යාපෘ­තිය මෙරට රාජ්‍ය සේවාව ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­යක් ලෙස හැඳි­න්විය හැකි බව ශ්‍රී ලංකා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ නියෝ­ජි­තා­ය­ත­නය සඳ­හන් කරයි. ඩිජි­ටල් රාජ්‍ය පෝරම විස­ඳුම පිළි­බඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවි­සී­මෙන් සප­යා­ගත හැකිය.