The-second-radiation-machine-of-the-emergency-unit-of-the-National-Hospital-also-broke-down

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පැවැති දෙවන විකිරණ යන්ත්‍රයත් බිඳවැටීම නිසා රෝගී ජනතාව  දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව රජයේ විකිරණවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.



හදිසි අනතුරුවලට ලක්ව මෙම ඒකකයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සියලු විකිරණ පරීක්ෂණ සිදුකිරීම සදහා විකිරණ යන්ත්‍ර දෙක භාවිත කළ බවත්

මීට මාස දෙකහමාරකට පෙර එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත වූ බවද එම සංගමය පෙන්වා දෙයි.

ඉන්පසුව විකිරණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ එහි තිබූ අනෙක් විකිරණ යන්ත්‍රය භාවිත කරමින් බවත් එම යන්ත්‍රයත් මේ වන විට අක්‍රිය වී තිබෙන බවද සදහන් කරයි.මුලින්ම අක්‍රිය වූයේ ප්‍රධාන විකිරණ යන්ත්‍රය බවත් එහි ඉතා දියුණු ඩිජිටල් තාක්ෂණය ක්‍රියාත්මක වන බවත් මේ අනුව පරීක්ෂණවල වාර්තාව කෙටි කාලයක් තුළ වාට්ටුවලට, ශල්‍යාගාරය වෙතට සහ වෛද්‍යවරුන් වෙතට යොමු කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දෙයි.

යන්ත්‍ර නඩත්තුවට අදාළ වාර්ෂික සේවා ගිවිසුම් අවසන් වීම නිසා විවිධ බිඳවැටීම් සිදුවූ පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවද සදහන් කරයි.

එච් අයි තුෂාර