An-18-year-old-bodybuilder-killed-his-neighbor's-grandmother-to-increase-his-physical-strength

83 හැවි­රිදි ප්‍රසිද්ධ සමාජ සේවි­කා­ව­කගේ හිසට අල­වං­ගු­ව­කින් පහ­රදී ලේ දන්දීමේ පින්ක­ම­කට එකතු කර තිබූ මුදල් ශක්ති­ජ­නක විට­මින් වර්ග මිල දී ගැනීම සඳහා කොල්ලකා ගත් 18 හැවි­රිදි කාය­ව­ර්ධන ක්‍රීඩ­කයා අත්අ­ඩං­ගු­වට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය කියයි. මෙලෙස ඝාත­න­යට ලක්ව තිබුණේ මොර­ටුව පහළ ඉදි­බැද්ද "නිස­සල" නිවසේ තනිව විසූ උන්ගා­ම­න්ඩා­ඩිගේ තිලක නාලිනි ප්‍රනාන්දු නැමැති 83 හැවි­රිදි අවි­වා­හක කාන්තා­වකි.

යාබද නිවසේ පදිංචි සැක­කරු ජාත්‍ය­න්තර පාස­ලක අධ්‍යා­ප­නය ලද එක්සත් රාජ­ධා­නියේ පුර­වැ­සි­භා­වය හිමි තැනැ­ත්තෙකු බව පොලි­සිය කියයි.

සැක­කරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් අල­වං­ගුව, කාන්තා­ව­ගෙන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුර­ක­ථ­නය, පෙන්න ඝාත­නය සිදු කරන අව­ස්ථා­වේදී සැක­කරු හැඳ සිටි ටී ෂර්ටය සහ කොට කලි­සම ද පොලිස් බාර­යට ගෙන ඇත.

සැක­කරු එළැ­ඹෙන ජන­වාරි මාසෙදි මිස්ටර් ශ්‍රී ලංකා ජූනි­යර් කාය­ව­ර්ධන තර­ග­යක් සඳහා ඉදි­රි­පත් වීමට සූදා­නම්ව සිටි අයෙකි.

පහළ ඉදි බැද්ද නිව­සක තනිව විසූ කාන්තා­වක් නිවසේ සාලයේ ඝාත­නය කර ඇති බවට මොර­ටු­මුල්ල පොලි­සි­යට ඉකුත් නොවැ­ම්බර් මස 29 දීන ප්‍රදේ­ශ­වා­සී­න්ගෙන් ලද තොර­තු­රක් අනුව එහි ගිය පොලිස් නිල­ධා­රීන්ට දැක ගැනී­මට ලැබී ඇත්තේ එම කාන්තාව ගේ හිසට එල්ල කරන ලද යම් පහ­රක් හේතු­වෙන් ඝාත­නය සිදුවී ඇති බවත් විශාල රුධිර වාහ­න­යක් සිදුවී ඇති බවත් ය.



ඝාත­නයේ සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් කිසිදු තොර­තු­රක් අනා­ව­ර­ණය කර ගැනී­මට නොහැකි වීම හේතු­වෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහතා විසින් එම ඝාත­නය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු­කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අමිල ගෝවින්න මහතා වෙත ලබා­දුන් උප­දෙස් අනුව ඉතා කෙටි දින කීප­යක් තුළ සැක­කරු නීතියේ රැහැ­නට හසු­කර ගැනී­මට හැකි වූ බව පොලි­සිය කියයි. පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා අදාළ ඝාත­නය සම්බ­න්ධ­යෙන් අස­ල්වා­සී­න්ගෙන් තොර­තුරු විම­ස­මින් සිටි­යදී එම නිවස ආස­න්න­යේම පදිංචි සැක­ක­රු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී 27 වෙනි දින අවස්ථා දෙක­කදී රූප­වා­හිනී යන්ත්‍රයේ නැර­ඹී­මට අත­පසු වූ වැඩ සට­හ­නක් නැර­ඹී­මට අව­කාශ සලසා දීමට සහ ජංගම දුර­ක­ථ­නයේ දෝෂ­යක් යථා තත්ත්ව­යට පත් කර දීමට එම නිව­සට සිය මිත්ත­ණිය සමඟ ගිය බව ප්‍රකාශ කළ ද සැක­ක­රුගේ මිත්ත­ණි­ය­ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් විම­සී­මේදී රූප­වා­හි­නිය ක්‍රියා­ත්මක කිරීම සඳහා පම­ණක් ගිය බව ප්‍රකාශ කිරී­මෙන් අන­තු­රුව ඇති වූ සැක­යක් මත එම තරු­ණයා අත්අ­ඩං­ගු­වට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඝාත­නයේ සුල­මුල අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බව ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති අමිල ගෝවින්න මහතා පැවැ­සීය.

සැක­කරු හා පවුලේ අය පදිංචි නිවස ඝාත­න­යට ලක්වූ කාන්තා­වගේ නිවස ට යාබද නිවස වන අතර නැර­ඹී­මට අත­පසු වූ රූප­වා­හිනී වැඩ­ස­ට­හ­නක් නැර­ඹීම සඳහා ඝාත­න­යට ලක්වූ කාන්තා­වට ඉකුත් මස 27 වෙනි දින අව­ශ්‍යව තිබී ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. ඒ සඳහා රූප­වා­හි­නිය ක්‍රියා­ත්මක කර ආප­ස්සට ගැනීමේ තාක්ෂ­ණික දැනුම ඇයට නොමැති බැවින් යාබද නිවසේ සිටින සැක­ක­රු­ගෙන් උදව් ඉල්ලා තිබූ බව පොලි­සිය කියයි.

ඒ සඳහා සැක­කරු සිය මිත්ත­ණිය සමඟ නිව­සට පැමිණ අදාළ වැඩ­ස­ට­හ­නට නැර­ඹීම සඳහා කාන්තා­වට රූප­වා­හි­නිය ක්‍රියා­ත්මක කර දී තිබූ අතර එම අව­ස්ථා­වේදී මේසය මත ඇයගේ අත් බෑගය අසල මුදල් පසු­ම්බියේ රුපි­යල් පන්ද­හසේ නෝට්ටු කීප­යක් තිබෙන අයුරු සැක­ක­රුගේ නෙත ගැටී ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. එදින සැක­කරු මිත්ත­ණිය සමඟ එදින නිව­සින් පිටවී පැමිණ පසු­දින තනි­වම මුළු­තැ­න්ගෙයි දෙසින් එම නිව­සට ගොස් කාන්තා­ව­ගෙන් වතුර වීදු­රු­වක් ඉල්ලා ඇය එය රැගෙන ඒම සඳහා මුළු තැන් ගෙට ගිය අව­ස්ථා­වේදී කාම­ර­යට ගොස් අත් බෑගයේ තිබූ මුදල් රැගෙන කලි­සම් සාක්කුවේ දමා ගනි­මින් පිට­තට පැමි­ණී­මේදී ගෙන කාන්තා­වගේ නෙත ගැටී ඇති අතර " පුතේ ඔයා ලේ දන් දන්දීමේ පින්ක­මට එකතු කරලා තිබ්බ සල්ලි හොර­කම් කළා නේද ? මම ආච්චිට කිය­නවා යැයි " පව­ස­න­වාත් සමඟ ම සැක­කරු කාන්තාව තල්ලු කර ඇති අතර ඒ සම­ඟම ඇය අසල බිත්තියේ ගැටි සාලයේ රූප­වා­හිනී යන්ත්‍රය අසල මුනින් අතට වැටී­මත් සමඟ ඇය කෙඳි­රිලි හඬක් නගා ඇතැයි සැක කරු සිදු­කළ පාපෝ­ච්චා­ර­ණ­කින් අනා­ව­රණ වූ බව පොලි­සිය කියයි.



ඒ සම­ඟම කල­බල වූ සැක­කරු මුළු­තැ­න්ගෙට දිව ගොස් දර ගොඩක් අසල තිබූ අල­වං­ගුව රැගෙන පැමිණ කාන්තා­වගේ හිස ප්‍රදේ­ශ­යට වැරෙන් පහ­ර­වල් දෙකක් එල්ල කර ඇති අතර එම ප්‍රහා­ර­ව­ලින් හිස කට්ටේ කැබැ­ල්ලක් විසි වී ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.

සැක­කරු ඝාත­නය සිදු කරන අව­ස්ථා­වේදී ඝාත­න­යට ලක්වූ කාන්තාව සමඟ සමාජ සේවයේ යෙදෙන පුද්ග­ල­යෙකු ඇයගේ ජංගම දුර­ක­ථ­න­යට ඇම­තු­මක් ලබා ගෙන ඇති අතර සැක­කරු දුර­ක­ථ­නය ක්‍රියා­ත්මක කර ප්‍රති­චාර නොදක්වා තත්ත්පර 8 ක කාල­යක් සිට විසන්ධි කර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. අන­තු­රුව අල­වං­ගුව නාන කාම­ර­යට ගොස් සෝදා නැව­තත් දර ගොඩ අස­ලට දමා කාන්තා­වගේ ජංගම දුර­ක­ථ­න­යක් රැගෙන සැක­කරු ක්ෂණික ව එම නිව­සින් පිට වී යාබ­දව පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් ඇතැයි පොලි­සිය කියයි. ඇම­තු­මක් ගත් පුද්ග­ලයා ඝාත­න­යට ලක්වූ තිලක නාලිනි දුර­ක­ථ­න­යට ප්‍රති­චාර නොදැ­ක්වීම හේතු­වෙන් යාබද නිවස අස­ලට ගොස් ඇය පිළි­බඳ විම­සී­මට එම නිවස දෙස බැලී­මේදී සැක­කරු මිදුලේ සිට ඇති අතර තිලක ඇන්ටි දුටු­වා­දැයි විම­සීමේ දී සැක­කරු පවසා ඇත්තේ බස් එකක නැග යන දුටුව බව යැයි බව යැයි පොලි­සිය සඳ­හන් කරයි.

අන­තු­රුව සැක­කරු කොල්ල කන ලද ජංගම දුර­ක­ථ­නය මොර­ටුව ප්‍රදේ­ශයේ දුර­ක­ථන අලෙවි හල­කට ලබා දී වෙනත් දුර­ක­ථ­න­යක් ලබා­ගෙන ඇති අතර කොල්ල කෑ මුද­ල්ව­ලින් ශක්ති­ජ­නක විට­මින් වර්ග ලබා ගෙන ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

සැක­කරු මොර­ටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහ­තාගේ උප­දෙස් මත ගල්කිස්ස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අමිල ගෝවින්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් සැර­යන් 40753 හෙට්ටි­ආ­රච්චි පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 85557 වීර­සිංහ 92438 මධු­ශාන් 99213 සේනා­රත්න 89863 රංගන මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.  

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ , නුගේ­ගොඩ සමීර අබේ­සිංහ