Taiwans-flower-of-the-gods-is-disappearing-due-to-climate-change

මධ්‍යම තායිවානයේ අලිෂාන් හි මීදුම සහිත කඳුකරය තුළ දෙවියන්ගේ මල යැයි හදුන්වනු ලබන මලක් තිබේ.
Dendrobium උඩවැඩියා නොහොත් රන්වන් උඩවැඩියා ලෙස හදුන්වන මෙම පුෂ්පය,  දිලිසෙන කොළ පැහැති ශාකයක පොකුරු ලෙස හට ගනී. මල වටා තැඹිලි පැහැ වාටියක් ඇති අතර, මලෙහි මැද කහ පැහැයෙන් යුතු වෙයි. ලස්සන නමුත් සුවදක් නොමැති පුෂ්පයකි. ආදිවාසී Tsou ජනයා මෙම පුෂ්පය දෙවියන්ගේ මල් ලෙස හදුන්වන ලදී.

"ගෝත්‍රයේ තියෙන අපේ උත්සව සඳහා දෙවියන්ගේ මල තිබිය යුතුයි. එසේ නොවුවහොත්, දෙවියන් වහන්සේට අපව සොයා ගැනීමට නොහැකියි ," යනුවෙන් ගෝත්‍රික වැඩිහිටියෙකු වන ගාඕ දේශෙං පවසයි.

මීට පෙර මෙම පුෂ්පය Tsou නිවෙස්වලින් පිටතද පිපී තිබෙනු දැකිය හැකි වූ අතර ප්‍රදේශය පුරා බහුලව පැවතුණි. නමුත් මේ වන විට එම පුෂ්පය සොයා ගැනීම සදහා  Tsou ජනයාට කඳුකර වනාන්තරවලට ගමන් කිරීමට සිදුව ඇත .

දේශගුණික විපර්යාස මෙයට වගකිව යුතු බව ගෝත්‍රයන් පවසයි . මල් පොහොට්ටු සෑදීමට නම්,  12C ට පමණ අඩු ශීත ඍතුව ප්රමාණවත් තරම් තිබිය යුතුය . එසේ පැවතියහොත් වසන්තයේ දී එම පොහොට්ටු පිපෙන්නට පුළුවන. මල් වැඩි වශයෙන් වර්ධනය වන්නේ මීටර් 800 සිට 1,800 (අඩි 5,900) උන්නතාංශවල උණුසුම් සෞම්‍ය දේශගුණයක් තුළ ය.



කෙසේ වෙතත් Alishan කාලගුණ මධ්‍යස්ථානයේ දේශීය උෂ්ණත්ව දත්ත මත පදනම්ව, Greenpeace නම් පාරිසරික කණ්ඩායම පවසන්නේ පසුගිය වසර 10 තුළ සරත් සෘතුවේ සහ ශීත ඍතුවේ අවම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි.

එය ඇස්තමේන්තු කරන ආකාරයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, Alishan දුම්රිය ස්ථානයේ දැනට පවතින සාමාන්‍ය උෂ්ණත්වය වන 12-14C  අගය , 2050 වන විට 14-16C දක්වා ඉහළ යනු ඇත .

සමස්තයක් වශයෙන්, තායිවානය ද නිතර නිතර නියඟ සහ උණුසුම් කාලගුණය අත්විඳිමින් සිටී.

ටයිෆූන් සුළි කුණාටු තත්වයන් විනාශකාරී වුවත්, ඒවා දිවයිනට අත්‍යවශ්‍ය ජල මූලාශ්‍රයක් වෙයි. එබැවින් ඒවා  ගොඩබිමට ඒම සිදු නොවුනහොත් , එට තුළ ඇති බෝග අසාර්ථක විය හැකිය. මෙය Tsou ගේ චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් නොව ඔවුන්ගේ ජීවනෝපායට ද බලපා ඇත.

Jui-Chiao Chung පවසන්නේ , ඇගේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ උණ බම්බු වගා කරන නමුත් අඛණ්ඩ නියඟය නිසා ගැටළුකාරී තත්වයකට මුහුණ දී ඇති බවයි. මෑත වසරවලදී වර්ෂාව නොමැති වීම නිසා,  උණ බම්බු අස්වැන්න අඩකට වඩා පහත වැටී ඇත. දැන් ඇය උණ බම්බු වෙනුවට අඩු වර්ෂාපතනයට අනුවර්තනය වීමට හැකි  කෝපි වගා කිරීමට තීරණය කර ඇත.  එහෙත් දිගින් දිගටම සිදු වන උෂ්ණත්වය ඉහළ යාම  කෝපි , බෝංචි  වැනි භෝගයන්ට අශුභ ලකුණක් බව ඇය වටහාගෙන තිබේ. එම නිසා වෙනස් වන දේශගුණයේ බලපෑම් සඳහා ඔරොත්තු දෙන ,

වෙනස් වූ බෝගයක් වගා කිරීමට ඇය දැන් කල්පනා කරයි.

නමුත් Tsou ජනතාවට කෙමෙන් අතුරුදන් වී යන දෙවියන්ගේ මල සඳහා එවැනි විකල්ප විසඳුමක් නොමැත. වැඩිහිටි ගාඕ පවසන්නේ,  මල සොයාගත නොහැකි නම් හෝ අතුරුදහන් වුවහොත් , ඔවුන්ගේ චාරිත්‍ර සදහා වෙනත් ආදේශකයක් නොමැති බවයි.

Tsou ජනයා අදහන බොහෝ දෙවිවරුන් අතර සිටින, Iafafeoi නම් යුධ දෙවිවරයා , යුධ පිටියට යන තරුණයින්  ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කරයි.

"දෙවියන් වහන්සේගේ මල Iafafeoi දෙවියන්ගේ වාසභූමිය වටා  පවතිනවා. එසේම මෙම මල් කූබාහි වහලවල් මත තබා ඇත, එය දිව්යමය පැමිණීම පෙන්නුම් කරනවා. " යැයි ගෝතුයේ සිටින Xiao-Ming නම් පුද්ගලයා පැහැදිලි කළේය.

කුබා යනු , ඔවුන්ගේ ගමේ චාරිත්‍රානුකූල සහ අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් වන අතර , එය  පිදුරු සෙවිලි කළ ශාලාවකි. එය සිය ගණනක් සහභාගී වන තුන්දින මායාස්වි උත්සවයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙම උත්සවයේ දී Tsou ජනතාව , තම රණශූරයන්ට ආශීර්වාද කරන ලෙසත්,  අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට උපකාර කරන ලෙසත් Iafafeoi දෙවිගෙන් ඉල්ලා සිටියි. මෙම උත්සවය  සිදු කරන අවස්ථාවේ දී , ඔවුන් තම සම් තොප්පි මත රන් ඕකිඩ් කොළ ඇලවිය යුතු අතර , එසේ සිදු කිරීම තුළින් දෙවිවරුන්ට ඔවුන් Tsou ජනතාව යැයි හඳුනාගත හැකි වන බව ගෝත්‍රිකයින් විශ්වාස කරයි.

පුරාණ සම්ප්‍රදායට අනුව දෙවියන්ගේ මල කෘතිමව වගා කළ නොහැකි වන අතර, එසේ කිරීම තහනම් කර ඇත. වැදගත් උත්සව ආරම්භ කරන දිනයේ දී  උදෑසන හිරු උදාවට පෙර වනයෙන් එම පුෂ්පය සොයා ගත යුතුය.

Tsou ගෝත්‍රය තායිවානයේ නිල වශයෙන් පිළිගත් ස්වදේශික ගෝත්‍ර 16 න් එකකි. චීන ජාතිකයන් පැමිණීමට වසර දහස් ගණනකට පෙර සිට ඔවුන්  දිවයිනේ ජීවත් වූහ.

අද වන විට තායිවානයේ සිටින මිලියන 23 ක ජනගහනයෙන්,  6,000 ක් පමණක් මෙම ගොත්‍රයට අයත් වේ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ  ඇලිෂාන් කඳුකරයේ ය.

ගාඕ දේශෙං , ඔහුගේ ගෝත්‍රයේ අනාගතය ගැන සැලකිලිමත් වන නමුත් ඔහු පවසන්නේ , එය රජයෙන් ලැබෙන සහයෝගය මත රඳා පවතින බවයි. දැනට ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර වැඩිහිටි ගාඕ පැවසුවේ දේශපාලඥයන් පැමිණ සංචාරය කරන නමුත් ඔවුන් Tsou ජනතාවගේ ජීවන රටාවට දේශගුණික විපර්යාසයේ බරපතල බලපෑම පිළිබදව අවධානය යොමු නොකරන බවයි.