
ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි පෞද්ගලික බස් රථ සංගම් පවසයි.වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් රථවල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
වැට් බදු සංශෝධනයත් සමග නව බස් රථයක මිල රුපියල් ලක්ෂ 20 කින් පමණ ඉහළ යනු ඇති බව ද විජේරත්න මහතා කීවේය. වැට් බද්ද සමග ඉන්ධන මිල ද ඉහළ යන බවත් බස් කර්මාන්තය පවත්වා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
නිමල කොඩිතුවක්කු
Comments
Post a Comment
Your comment will be visible after approval