cat-oic-mumbai-police

මුම්බායි පොලිසිය අපරාධ මැඩලීමට මෙන්ම, හාස්‍යජනක කතා මවමින් එය  සමාජ  මාධ්‍යය තුළ පතිරවිමටද  දක්ෂය.මෑතකදී තවත් එවැනි  සිද්ධියක් වාර්තා වී ඇත.
මෙවර එසේ අවදානය යොමු වී තිබෙන්නේ පොලිස් ස්ථානයේ සුව පහසුව වැඩෙන ලෝලා නම් පුසා වෙතය.
ඌ ඉතාමත් දක්ෂ ලෙස තම අණසක පොලිසිය පුරා පතුරවන් සිටින්නේ පොලිස් මුලසුනද අත්පත් කරගෙනය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක සුධීර් එස්. කුඩාල්කාර් විසින් Instagram හි පළ කරන ලද වීඩියෝවක ලෝලා නැමති  කළු සහ සුදු බළලා ඔහුගේ පුටුව උද සුව පහසු නින්දක සිටිනු ඇත.

පොලිස් ස්ථානයේ කාර්යබහුලත්වය ලෝලාට අදාළ නැත.



 ඒ වෙනුවට ලෝලා තවත් ගුලිවී නින්දෙහි යෙදෙයි.

මෙම වීඩියෝව ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍යය තුල අවදානයට ලක්ව ඇත.

තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතින මෙම සිදුවීම ඇතුලත් වීඩියෝව මේ වන  විට විශාල නරබුම් වාර ප්‍රමාණයක්ද ලබා ගෙන ඇත.

එහි විවිධ අදහස් දක්වන්නන් ප්‍රතිචාර දක්වා  තිබු අතර එක අයෙක් පවසා තිබ්බේ ඇය ඔබේ ජීවිතය පුදුමාකාර ලෙස වෙනස් කරනු ඇත. සැමවිටම ඇයගේ ජීවිතය ආරක්ෂා කරන්න යනුවෙන් ය.


තවත් අයෙක් සර්, ඔබ නියමයි... මේ කතා නැති ආත්මයන් කෙරෙහි සංවේදනය තේරුම් ගන්නා ඔබ වැනි තවත් ආත්මයන් අපට සිටිය යුතුය,"යනුවෙන් සදහන් කර තිබිණ.

ඔබට හෘදයාංගම සුබ පැතුම්, සර්. ඔබගේ සියලු කටයුතු ගැන අපි ආඩම්බර වෙනවා, විශේෂයෙන්ම සතුන් කෙරෙහි ඔබ දක්වන කරුණාවන්ත සහ ආදරණීය ස්වභාවය.  ඒ තවත් පරිශීලකයෙක් දැක්වූ අදහස් ය.


මෙම වීඩියෝව කුඩාල්කාර් මහතා තම සුරතල් බළලා සමඟ සිටින අවස්ථා කිහිපයෙන් එකක් පමණි.