මොරටුව,එගොඩ උයන ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් භූගත අර්ත් වයර්වල ඇති තඹ කම්බි කැපූ බව කියන සැකකරුවකු තඹ කම්බි මීටර් හතළිහක් සමග (19) එගොඩ උයන ජනප්‍රිය මාවතේදී අත්අඩංගුවට ගෙනඇතැයි වාර්තා විය.
විදුලි බල මණ්ඩලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් සැකකරු සමග තඹ කම්බි මිලදී ගැනීම සිදුකරගෙන ගිය බව කියන එගොඩ උයන ප්‍රදේශයේ යකඩ බඩු කඩයක හිමිකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී භූගත ස්ථාන පහක විදුලි සැපයුමට සම්බන්ධව තිබූ අර්ත් වයර් තඹ කම්බි කපා ඇති බව තියා තිබේ.
එසේ කපාගන යන තඹ කම්බි කිලෝ එකක් රුපියල් 1500ක මිලට අලෙවි කොට ඇති බවද සැකකරු වරින් වර සොරාගත් බව කියන තඹ කම්බි තොගයේ වටිනාකම එක් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් කම්බි විකුණා ලබාගත් මුදල් හෙරොයින්, අයිස් භාවිතය සඳහා යොදාගෙන ඇතැයි පොලිසිය පවසයි.
0 Comments