budget-approved

අය වැය කෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 41 කින් සම්මත විය. පක්ෂව 122 ක් හා විපක්ෂව 81 ක් ලැබිණි.චමල් නාමල් ඇතුළු මන්ත්‍රීවරු 21 ක් මෙම අවස්ථාව මගහැර තිබුණි.


2024 වසර සඳහා වන අය වැය සඳහා ඡන්ද විම­සීම සිදු කිරී­මට කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා විසින් සීනුව නාද කිරී­මට නියෝග කළේය. ඒ අනුව පස්වරු 6.35ට පමණ තෙවැනි වර කිය­වීමේ ඡන්ද විම­සීම පැවැ­ත්විණ. එසේම ඡන්ද විම­සීම සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී සී.වී විග්නේ­ෂ්ව­රන් මහතා ඡන්දය ප්‍රකාශ කිරී­මෙන් වැළකී සිටි­යේය.



අය වැයට පක්ෂව ආණ්ඩුව සමඟ අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙන­වි­රත්න, අලි සබ්‍රි රහීම්, ප්‍රියං­කර ජය­රත්න, දුමින්ද දිසා­නා­යක, නිමල් ලාන්සා, ඒ.එල්.එම්. අතා­වුල්ලා යන මන්ත්‍රී­වරු අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන චමල් රාජ­පක්ෂ, නාමල් රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන් ඇතුළු මහ­ජන නියෝ­ජ­ත­යන් 21 දෙනෙක් ඡන්ද විම­සීම සිදු කරන අව­ස්ථාවේ සභා­වෙහි නොසි­ටි­යහ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණ­සිංහ මහතා ඡන්ද විම­සීම සඳහා විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර සමඟි ජන බල­වේ­ගය, ජාතික ජන බල­වේ­ගය, දෙමළ ජාතික සන්ධා­නය යන පක්ෂ නියෝ­ජි­තයෝ විරු­ද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

2024 වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්පත දෙවැනි වර කිය­වීම හෙවත් අය වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය නොවැ­ම්බර් 13 වැනිදා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළේය. ඉන් පසුව නොවැ­ම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා, ඉරිදා දින­යන් හැර දින 7ක් විස­ර්ජන පනත් කෙටු­ම්පත (අය වැය) දෙවැනි වර කිය­වීමේ විවා­දය පැවැ­ත්විණි.



ඉන් පසුව විස­ර්ජන පනත් කෙටු­ම්පත (අය වැය) දෙවැනි වර කිය­වීම වැඩි ඡන්ද 45කින් නොවැ­ම්බර් 21 වැනිදා පාර්ලි­මේ­න්තු­වේදී සම්මත විය.

පසුව 2024 වසර සඳහා වන විස­ර්ජන පනත් කෙටු­ම්පත කාරක සභා අවස්ථා විවා­දය නොවැ­ම්බර් 22 සිට ඉරිදා දින­යන් හැර දින 19ක් පැවැ­ත්වී­මෙන් අන­තු­රුව තෙවැනි වර කිය­වීමේ ඡන්ද විම­සීම මෙසේ ඊයේ (13) පැවැ­ත්විණ.