china-tunnel-accident

චීනයේ බෙයිජිං හි උමං දුම්රිය දෙකක් කාර්යබහුල වේලාවක ගැටීමෙන් පුද්ගලයන් 102 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා සවස් කාලයේ සිදු වූ මෙම සිද්ධියෙන් පසු 500 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත.

චැංපිං උමං මාර්ගයේ පහළට යමින් සිටියදී අධික හිම පතනය හේතුවෙන් දුම්රිය එකිනෙක ගැටී ඇත. අනතුරෙන් පසු සිකුරාදා උදෑසන වන විට පුද්ගලයින් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.

චීන අගනුවර ප්‍රවාහන ජාලයේ මෙවැනි අනතුරු බහුලව සිදු නොවන නමුත් හිම කුණාටු නිසා ලිස්සන පීලි ඇති වූ බව වාර්තා වේ.



 ප්‍රථම දුම්රියට හදිසියේ තිරිංග තද කිරීමට හැකි වූ නමුත්, අනෙක් දුම්රියට නියමිත වේලාවට තිරිංග කිරීමට නොහැකි වූ අතර, එය පළමු දුම්රියේ ගැටී ඇත.

මෙම බලපෑම හේතුවෙන් එක් දුම්රියක අවසන් මැදිරි දෙක වෙන් විය. වෙන් වූයේ කුමන දුම්රියද යන්න පැහැදිලි නැත.

මාර්ගගතව පළ කරන ලද පින්තූර සහ දර්ශන මගින් පෙන්නුම් කරන්නේ විදුලිය විසන්ධි වීම නිසා අඳුරේ සිටින මගීන් මැදිරිවල පිරී ඉතිරී සිටින ආකාරයයි.
චීන සමාජ මාධ්‍ය ජාලයක් වන Weibo හි පළ කරන ලද වීඩියෝවක , ක්ලාන්ත වූ බවක් පෙනෙන කාන්තාවක් දුම්රිය ආසන කිහිපයක් හරහා වැතිර සිටිනු දක්නට ලැබේ.



පුද්ගලයින් 67 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලේ රැඳී සිටින අතර 25 දෙනෙකු "නිරීක්ෂණය යටතේ" සිටින බව වාර්තා වේ. මරණ කිසිවක් වාර්ථා නොවේ.

බීජිං උමං දුම්රිය මධ්‍යස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර, තුවාල ලැබූවන්ගේ වෛද්‍ය බිල්පත් සමාගම විසින් ආවරණය කරන බව පැවසීය.

දැනට පවතින "ආන්තික කාලගුණය" හේතුවෙන්,  දුම්රිය සෙමෙන් ධාවනය කරන ලෙසත්, දුම්රිය අතර කාල පරතරයන් පුළුල් කරන ලෙසත් උපදෙස් දී ඇත. සිද්ධියෙන් බලපෑමට ලක් වූ උමං මාර්ගය සිකුරාදා වසා දමා ඇත.

බීජිං හි අධික හිම පතනය හේතුවෙන් මාර්ග, දුම්රිය සහ ගුවන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ නිසා ඉදිරි දිනවලදී උතුරු චීනය පුරා උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 සිට 12 දක්වා පහත වැටෙනු ඇතැයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත. මෙයින් අදහස් කරන්නේ සති අන්තයේ බීජිං හි උෂ්ණත්වය -20C ට වඩා අඩු විය හැකි බවයි.

අදික සීතල හේතුවෙන් ඇතැම් නගරවල බලධාරීන් පාසල් වසා දමා දුම්රිය සේවා අත්හිටුවා ඇත.