christmas-open-visit-prison

මෙවර නත්තල් දිනය හා නව වසර ‌නිමිත්තෙන් බන්ධ­නා­ගාර රැඳ­වි­යන්ට අමු­ත්තන් හමු­වීම සඳහා (open visit) අද (24) සහ හෙට නත්තල් දා (25) අව­සර දීමට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

ඒ අනුව බන්ධ­නා­ගාර නීති­රීති හා සෞඛ්‍ය ආර­ක්ෂිත ක්‍රම­වේද අනු­ග­ම­නය කර­මින් දිව­යිනේ සියලු බන්ධ­නා­ගා­ර­ව­ලදී මේ දෙදින තුළ රැඳ­වි­යන්ට තම ඥති හිත­මි­තු­රන් හමු වීමට අව­ස්ථාව හිමි වන අතර, එක් රැඳ­වි­යකු වෙනු­වෙන් ඥති හිත­මි­තු­රන් තිදෙ­න­කුට පැමි­ණී­මට අව­ස්ථාව ලැබේ.



අදාළ රැඳ­වි­යාගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්ස­ල­යක් හා රස­කැ­විලි එක් අයෙ­කුට සරි­ලන ප්‍රමා­ණ­යට පම­ණක් ගෙනැ­විත් එම සිර­ක­රුට දීමට කට­යුතු කළ යුතු වේ. තහ­නම් ද්‍රව්‍ය බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යට රැගෙන නොඑන ලෙසද බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පැමි­ණෙන පිරි­සට දන්වා සිටී.

එදි­නට නේවා­සි­ක­යන් බැලීම සඳහා බහුල වශ­යෙන් අමු­ත්තන් පැමි­ණී­මට ඉඩ ඇති බැවින් බන්ධ­නා­ගා­ර­යන්හි හා පිටත විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ලි­වෙ­ලක් පොලි­සිය සමග එක්ව සිදු කිරී­මට බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහතා විසින් සිය­ලූම බන්ධ­නා­ගාර අධි­කා­රී­ව­රුන් සඳහා උප­දෙස් ලබා දී ඇතැයි බන්ධ­නා­ගාර කොම­සා­රිස් (පුන­රු­ත්ථා­පන) මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණි බී.දිසා­නා­යක මහතා කියයි.