coconut-oil-sri-lanka-issues

ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 2800න් 1500ක් වැසී ගොස් ඇති බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

ඒ අනුව පොල්තෙල් කිලෝ 17,775,983ක් (RBD Refining, Breeching and Deodorizing) ආනයනය කර ඇති අතර,

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7891ක් වන බවටද එහිදී අනාවරණය වී තිබේ.

පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ සංගමය සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ දේශීය වශයෙන් වගා කරන පොල්වලට මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය සතු පොල් ඉඩම්වල පොල් වගාවන්ට වසර 06කින් පමණ පොහොර යොදා නොමැති බවත්, ඒ හේතුවෙන් එම ඉඩම්වල ඵලදාව දෛනිකව අඩු වෙමින් පවතින බවත්ය.

එසේම ආනයනය කරනු ලබන පොල්තෙල් යනු නියම' පොල්තෙල් නොවන බවත්, ෆාම් තෙල් හා පාවිච්චි කරන ලද තෙල්(Crude Oil) මහා පරිමාණ වශයෙන් මෙරටට ආනයනය කිරීමට අවසර දීමෙන් එම තෙල් පිරිපහදු කොට විවිධ නම් භාවිත කරමින් වෙළෙඳපළේ අලෙවි කරන බවත් එහිදී අනාවරණය වී ඇත.



ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසත්, දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 240,000ක් වන අතර දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 2800න් ලියාපදිංචිව ඇති ඇති සංඛ්‍යාව 225කි.

නිදර්ශනී වික්‍රමසිංහ